"A9 මාර්ගය විවෟත කල වහාම කොළඹ සිට යාපනයට ලංගම බස් සේවාවන් අරඹන බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා කියා සිටිනවා. තවද, දැනටමත් මේ සදහා බස්රථ 25 ක් වෙන්කර ඇතිබව එතුමා වැඩිදුරටත් ප්‍රකාෂ කර තිබෙනවා.
කොළඹ සිට යාපනය, මහනුවර සිට යාපනය, වව්නියාව සිට යාපනය දක්වා මෙම බස්රථ සේවා පුලුල් කරන බවද, දැනට විනාශ වී ඇති මුලතිව් හා කිලිනොච්චි ඩිපෝ සදහා බස්රථ 50 බැගින් දී ඒවායේද ප්‍රවාහන පහසුකම් දියුණු කරනබව එතුමා ප්‍රකාෂ කර තිබෙනවා."
කෙසේ හෝ නුදුරැ අනාගතයේදී අපට A9 මාර්ගය ඔස්සේ යාපනයට ගමන් කිරීම කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන්නාසේ නිදහසේ ගමන්කිරීමට හැකිවනු ඇත්නම් එය අපට මහත් වූ සතුටක් මෙන්ම ආඩම්බරයකද වනු නොඅනුමානය .
Saturday, February 7, 2009
කොළඹ සිට යාපනයට....
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
10:01 AM
වර්ගීකරණය සමාජයත් එක්ක...
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
දුම්රියෙන් යාපනයට යනකොට ඊටත් වඩා විනෝදයක් ලබා ගන්න පුලුවන්. 1960 දශකයේ අවසාන භාගයේදී මම කිහිප වතාවක් දුම්රියෙන් ගිහින් තියෙනව. අලිමංකඩ ඔස්සේ යනකොට හරිම ලස්සනයි. රෑ යාල් දේවී දුම්රිය කොලඹ කොටුවෙන් පටන් අරගෙන උතුරට යනකොට එලිය වැටිල. ආයෙත් එහෙම කාලයක් පැමිණේවා කියල මම පතනව.
එහෙම කාලයක් ආපහු එලඹෙනකං අපිත් බලං ඉන්නවා සරත් මහත්මයා.
යාපනේ ගිහිං යාපනේ වැවිච්ච මිදි ටිකක් කන්න තියෙනවනං කොච්චර අගේද?
Post a Comment