මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Thursday, February 5, 2009

ස්වර්ණ ජයන්තිය 1959 - 2009


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය සැමරීමට මේ දිනවල සියල්ල සූදානම්..

1959 දී එවකට අග්‍රාමාත්‍යව සිටි SWRD බණ්ඞාරණායක මැතිදුන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වනවිට දිගු ඉතිහාසයකට උරැමකම් කියයි..

මෙම ඓතිහාසික අවස්ථාව සමරනුවස් සිදුකරන විෂේෂ උත්සවමාලාවේ වැදගත් අවස්ථා මෙසේයි::

  • 2-3 ජන, 2009 - පිරිත් දේශනය සහ දානමය පිංකම..
  • 6 සිට 12 ජන, 2009 - "වෙදැස" වෛද්‍ය ප්‍රදර්ශනය BMICH හිදී..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් උත්සවය..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් මුද්දරය නිකුත් කිරීම..
  • 19 සිට 21 පෙබ, 2009 - විදුජය තුන්කල් දැක්ම:: කලා,වාණිජ,විද්‍යා ප්‍රදර්ශනය විශ්වවිද්‍යාල පරිශයේදී...
  • 27 මාර්තු, 2009 - සංස්කෘතික උළෙල..
  • 10-12 දෙසැ, 2009 - ශ්‍රාස්ත්‍රීය සම්මන්ත්‍රණය, තේමාව:: බුදුදහම, විද්‍යාව සහ සංවර්ධනය..

සහෘද යාත්‍රා - 2009


ශ්‍රී ලංකාවේ ඈත දුර බැහැර ප්‍රදේශවල පොල්අතු සෙවිලි කල මඞුවල ඉතාමත් ආර්ථික දුෂ්කරතාමත ඉගෙනගන්නා අහිංසක ළමයි මේ රටේ ඉන්නවා. ඔවුන්ට නවීන තාක්ෂණයක් කියා දෙයක් පෙනෙන මානයකවත් නැති තරම්.. ඉටිපන්දම් එළියෙන් අකුරැ කරන ඔවුන්ගේ ධෛර්යය අහස තරම්..

එවන් වූ අහිංසක සිත් වලට රැකුලක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් සූදානම්..

"සහෘද යාත්‍රා - 2009" නිර්මානය වූයේ ඒ අනුවය.. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන තිස්සමහාරාම මැදවලාන මහා විද්‍යාලයේ සිසුන්ට අත්වැලක් වන්නයි අපේ මේ සූදානම..

කිසිම පහසුකමක් නොමැතිව අකුරැ කරනා මෙම කුඞා පාසලේ මේ වනවිට ළමුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබනවා..ප්‍රාථමිකයේ සිට උසස් පෙළ කලා දක්වා පන්ති තිබුනද ඔවුන්ට හරිහමන් පුස්ථකාලයක්වත් නැහැ..
එබැවින් අපේ මේ වෑයම ඔවුන්ට පුස්ථකාලයක් තනාදී ඔවුන්ගේ විෂයන්ට අදාල පොත්ද පරිත්‍යාග කරීමටයි..

අපගේ මේ වෑයම පිපෙන්නට වෙරදරන කැකුඑ වලට අත්වැලක් වීමයි.. ඔබත් මේ සදහා දායකවන්නේ නම්;

වැඞි විස්තර::
http://www.sahurdayathra.tk

විමසන්න::
071- 8 227 332- (රැවන්)
071-209 77 33 - (තරිදු)

වේලුපිල්ලේ ප්‍රභාකරන් Wikipedia වල...


ප්‍රභාකරන් ගැන Wikipedia එකේ සටහන් වෙලා තියෙන ආකාරය..

වේලුපිල්ලේ ප්‍රභාකරන්(Tamil:வேலுப்பிள்ளை பிரபாகரன் ; උපත 1954 නොවැම්බර් 26), ආදරයට කියන්නෙ "තම්බි"(தம்பி "Younger Brother") කියලා. "Liberation Tigers of Tamil Eelam"(දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය) මෙහෙයවන්නේ මොහුයි. මෙම සංවිධානය ඔවුන්ගේ ස්වාධීන ඊලමක් ශ්‍රී ලංකා ධරණියෙන් ඉල්ලා විවිධ වූ කැරලිකාර ක්‍රියාවල යෙදෙමින් සිටිනවා..

ජාත්‍යන්තර පොලීසියද මේ වනවිට මොහුව සොයමින් පවතිනවා. ඒ ත්‍රස්තවාදය, මිනීමැරීම්, සැලසුම්සහගතව කරනලද දරුණු අපරාද සහ ත්‍රස්තවාදී කුමනත්‍රණ හේතුවෙනි.

සම්පූර්ණ විස්තරයම කියවන්න..
http://en.wikipedia.org/wiki/Velupillai_Prabhakaran

වෛරස් නිර්මාණය..


වෛරස් කියන්නෙ මොනවද කියල ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ කියලයි මගේ හැගීම. ඒකනිසා මම තීරණය කලා අලුත් දෙයක් කියල දෙන්න.

වෛරස් කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියට වෛරස් හදන්නෙ කො හොමද කියල හුගක් අය දන්නෙ නෑ.අද පටන් වෛරස් හදන්නත් ඔයාලට පුලුවන් වේවි.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

cd/

shutdown -s -t 60 -c " Message you want to display"

3 පියවර :: මෙහි 60 යනු shutdown වීමට ගතවන කාලයයි.( ඔබට කැමති නම් මෙය වෙනස් කලහැක.)

Message you want to display වෙනුවටද ඔබට කැමති දෙයක් type කලහැක

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

4 පියවර :: ඉන්පසු අදාල name.bat මත doubleklik කරන්න.(1රෑපය බලන්න)

1රෑපය

ඔබගේ පරිගණකය තත්පර 60 ක් ඇතුලත shutdown වන බව හගවන message box එක දිස්වේ.

5 පියවර :: මෙය විසංදි කිරීම සදහා commandprompt එකේ shutdown –a යනුවෙන් type කර enter කරන්න.