මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Wednesday, February 4, 2009

Hack කරන්න ඉගෙන ගන්න.


ඔබ අන්අයගේ පරිගණක තුලට හොරෙන් ඇතුලුවීමට ආසාවෙන් පසුවෙයිද? නැතිනම් පරිගණක hack කිරීමට කැමතිද?
එසේනම් දැන් ඔබට ඒ සදහා අවස්ථාව උදාවී ඇත.
නමුත් මෙය පරිගණක ක්‍රීඞාවකි.
"HackTheGame" යන පරිගණක ක්‍රීඞාව ඔබට එම අවස්ථාව උදාකරදීමට දැන් සූදානම්.

බාගත කර ගැනීමට..
http://chaozz.coreisp.nl/HackTheGame121.zip

අපේම කියලා toolbar එකක්..


ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරනවා නම්, ඔබට ඔබේම කියා toolbar එකක අවශ්‍යතාවය දැනුනේ නැද්ද?
http://www.conduit.com/ යන වෙබ් පිටුවට පිංසිදුවන්නට දැන් ඔබට ඔබේම කියා toolbar එකක් නොමිලයේ සෑදීමට පුඑවන්..

මමත් මෙම වෙබ් අඞවිය මගින් toolbar එකක් හැදුවා..
මගේ toolbar එක install කරන්න නම්;
http://MudithageAdaviya.OurToolbar.com මෙතන කොටන්න..

ඔබේම කියා toolbar එකක් සෑදීමට නම්;
http://www.conduit.com මෙතන කොටන්න..

වැඞගන්න පුලුවන් මෘදුකාංගයක්..











ඔබ අන්තර්ජාලය මගින් නොමිලයේ ලබාදෙන මෘදුකාංග පරිහරනය කරන්නේ නම් ඔබට ඉතා ප්‍රයෝඡනවත් වන මෘදුකාංගයක් ගැනයි මේ සටහන..
"NI ANTISHARE WARE" යන නමින් හදුන්වන මෙම මෘදුකාංගය ඇති විශේෂත්වය වන්නේ, මෙමගින් ඔබට කල් ඉකුත්වන මෘදුකාංග උවමනාතරම් කල් පාවිච්චි කල හැකි වීමයි.

භාවිතා කරන ආකාරය..
* පළමුව මෘදුකාංගය install කරන්න.
* ඉන්පසු "NI ANTISHARE WARE" මෘදුකාංගය open කරගන්න.(1 රෑපය)
* "Add" යනුවෙන් තිබෙන අයිකනය ක්ලික් කරන්න.
* 2වන රෑපයේ පරිදි window 1ක් open වූවාට පසු එහි 'name of the program' යන ස්ථානයේ අදාල මෘදුකාංගය නම දෙන්න.
* ඉන්පසු 'run the program' යන ස්ථානයේ අදාල මෘදුකාංගය install වී ඇති ස්ථානය ලබා දෙන්න.(3 රෑපය)
* 'OK' කරන්න.
* දැන් නැවත මුල් window එකට ගොස් 'Run the program 'යන අයිකනය ක්ලික් කරන්න.(4 රෑපය)
* එවිට අදාල මෘදුකාංගය open වේවි..
* නැවත එය close කලවිට මුල් window එකට ගොස් 'Restore the current time 'යන අයිකනය ක්ලික් කරන්න(5 රෑපය)

නොමිලේ බාගන්න..
http://www.filecluster.com/download-link-0/78073.html

ගාලු උරුමය



ගාල්ල ප්‍රදෙ‍්ශයෙ‍්ත් ගාල්ල නගරයත් වඩා ප්‍රචලිත වූ යෙ‍් ගාල්ල කොටුව නිසාය. යමෙකු ගාල්ලට යන්නෙ‍් නම් ඔහුගෙ‍් අවධානය කැමැත්ත සහ මනාපය නිතැතින්ම යොමුවන ස්ථානයකි, ගාලු කොටුව. එය දකුණෙ‍් උරුමයකි, ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි. ගාලු කොටු දොරකඩෙන් කොටුව තුලට ඇතුල් වන්නකුට ඉතිහාසය පොතෙ‍් හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකි වනු අ‍ැත.
ගාලු කොටුව ප්‍රථමයෙන් ගොඩ නංවන ලද්දෙ‍් පෘතුගීසින් විසිනි. එය මුරකුටි තුනකින් යුක්ත වූ කුඩා බල කොටුවකි. පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමග වෙළඳ ගනුදෙනු වල නියැලුණෝය. පසුව පැමිණි ලන්දෙ‍්සීන් විසින් පෘතුගීසීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නා ලදී.
අංග සම්පූර්ණ බලකොටුවක් ලෙසට එය වර්ධනය වූ යෙ‍් ලන්දෙ‍්සීන්ගෙ‍් කාලයෙ‍්දී ය. කොටු බැම්ම බැඳ ඇත්තෙ‍් විශාල කළුගල් කුට්ටි වලිනි. එහි උස අඩි පනහෙ‍් සිට හැත්තෑව දක්වා වේ. බැම්මේ පළල අඩි පනහකි. ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසටත් අනෙක් දොරටුව උතුරු දෙසටත් පිහිටා ඇත. නැගෙනහිර දෙසින් වත්මන් ගාලු නගරයට මුහුණ ලා පිහිටියද අනෙක් පැති වලින් කොටුව වටේටම ඇත්තෙ‍් ඉන්දියන් සයුරේ අපෙ‍් වෙරළය.


දිවයිනෙ‍් ඇති අනෙක් කොටු වලට වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාලය. වපසරිය අක්කර අනූ හයකි. බැම්මේ සම්පූර්ණ දිග සැතපුම් දෙකකි. 1974 වර්ෂයෙ‍් දි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට තිබී ඇත්තෙ‍් වගුරු බිමකි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්ව ඇත්තෙ‍් එම ප්‍රදෙ‍්ශය විය යුතුය. කොටු බැම්ම මත සාදා තිබූ මුර කුටි බොහො‍්මයකි. ඒවා ZWART BASTION (සැවර්ට බැස්ටියන්) UTRECT BASTION (යුට්රව් බැස්ටියන්) TRITON BASTIONට්‍රයිටන් බැස්ටියන්) NEPTUNE BASTION (නෙප්චූන් බැස්ටියන්) CLIPPEN BERG BASTION (ක්ලිපන් බර්ග් බැස්ටියන්) AEOLUS BASTION (එළියස් බැස්ටියන්) STAR BASTION (ස්ටාර් බැස්ටියන්) SUN BASTION (සන් බැස්ටියන්) AURORA BASTION (අව් රෝරා බැස්ටියන්) ආදී ලෙස හැඳින්විය.

මෙම මුර කුටිවල එකල සතුරු අ‍ාක්‍රමණ වලට මුහුණ දීම සඳහා දිවා රාත්‍රී දෙකෙ‍් මුර සෙබළුන් රඳවා තබන්නටඇත.

කොටුවේ පළමුවැනි පාළකයා “ අද්මිරාල් කොස්ට්‍රල්” නම් විය. දිවයිනෙ‍් ප්‍රථම ප්‍රදිපාගාරය තනා තිබුණෙ‍්ද කොටුව තුළ ය. එය තිබී ඇත්තෙ‍් FLAG ROCK BASTION නම් ස්ථානයෙ‍් ය. පසු කලෙක එය විනාශ වී ගොස් ඇති අතර දැනට ඇති ප්‍රදීපාගාරය 1930 දි පමණ සාදන ලද්දකි. MOON BASTION මුර අට්ටාලය තිබුණු ස්ථානයෙ‍් පසු කලෙක ගාලු කොටුව මතින් යෝදයකු සෙ‍් නැගී සිටින ඔරලෝසු කණුව සාදා ඇත.


ගාලු කොටුවේ පරිමාණුකූල කුඩා සැළසුමක් දැනට කොටුව තුළ ඇති ජාතික කෞතුකාගාර ගාල්ල ප්‍රදර්ශණ ශාලාවේ ඇත. එය නැරඹීමෙන් කොටුව හා එහි සැළැස්ම පිළිබඳව යමෙකුට අවබෝධයක් ලබා ගත හැකිය.


ලන්දෙ‍්සීන් විසින් පෘතුගීසීන් පලවා හරින ලද්දෙ‍් කුමන ආකාරයට ද එළෙස ම පසු කලෙක ඉංග්‍රීසීන් විසින් ලන්දෙ‍්සීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නා ලදී. එහෙත් ඉංග්‍රීසීහු ලන්දෙ‍්සීන්ගෙ‍් ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩ නැගිලි එලෙසම තිබෙන්නට හැර ඒවායෙන් ප්‍රයෝජන ගත්තෝය.

ඊසාන දෙසින් ඇති දොරටුවේ උඩින් V:O:C (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE) ලකුණ තවම දැකිය හැකිය. මෙම ලකුණ 1669 දී සකස් කරන ලද බව එහි සඳහන් වේ. ඊසාන දිග දොරටුවෙන් කොටුව තුලට පිවිසෙන්නකුට කොටුවට ඇතුළු වූ විගස ආපසු හැරී දොරටුවට ඉහලින් බැම්ම දෙස බැලුව හොත් ඒ මත ඇති මෙම ලකුණ දැකිය හැකිය. එමෙන්ම මෙම දොරටුවෙන් ඇතුල් වීමට ප්‍රථම කොටුවේ පිටත සිට දොරටුව ඉහල බලන්නෙකුට ඉංග්‍රීසින් විසින් මූර්තිමත් කරන ලද ඔවුන්ගෙ‍් ‍ලාංඡනය දැකිය හැකිය . ලන්දෙ‍්සින්ගෙ‍් හා ඉංග්‍රීසීන්ගෙ‍් ලකුණු එකම ස්ථානයක දි දැකිය හැකි ස්ථානයක් ලෙස ගාලු කෙ‍ාටුවේ මෙම ස්ථානය හැදින්වේ.


එහෙත් මේ පිළිබඳව මාවිසින් යෙදුණ අධයයනයක දී මා බැස ගත් තීරණය මෙසෙ‍්ය. ලන්දෙ‍්සීන්ගෙ‍් V:O:C ලාංඡනය ඉංග්‍රීසීන් විසින් කොටුව අල්ලා ගැනීමට ප්‍රථම තිබෙන්නට ඇත්තෙ‍් දැන් ඉංග්‍රීසීන්ගෙ‍් ලාංඡනය ඇති ස්ථානයෙ‍් විය යුතුය. බලය අල්ලා ගැනිමෙන් පසුව ඉංග්‍රීසීන් විසින් එම ලාංඡනය ගලවා ඉංග්‍රීසීන්ගෙ‍් ලාංඡනය එම ඉඩෙහි මූර්තිමත් කරන්නට ඇත. ගලවා ඉවත් කරන ලද ලංදෙ‍්සි ලාංඡනය කොටු දොරටුවේ ඇතුල් බැම්මේ ඉහලින් සවි කරන්නට අ‍ැත. එය නොවැදගත් ස්ථානයකි. මේසා නිර්මාණාත්මක සුවිසල් කොටුවක් නිර්මාණය කළ ලන්දෙ‍්සීන් විසින් තමන්ගෙ‍් අනන්‍යතාවය මෙවැනි ස්ථානයක ඉදි කරන්නට ඇතැයි සිතිය හැකි නොවේ.

දැනට කොටුව තුල ඇති ලන්දෙ‍්සි ගොඩනැගිලි අතරින් පැරණි රෝහලක් වන කච්චේරිය, අධිකරණ ගෙ‍ාඩනැගිලි, හෝටල්, කෞතුකාගාර ගොඩනැගිල්ල හා ඕලන්ද පල්ලිය වඩා වැදගත් ගෙ‍ාඩනැගිලි වේ.


යම් අයෙකුට ලන්දෙ‍්සින්ගෙ‍් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අධ්‍ය්‍යනය කිරිමටත්, ඒවායෙ‍් ඇති දෑ බලා ගැනීමටත් අවශ්‍ය නම් යා යුත්තෙ‍් ගාලු කොටුව වෙතය. ගාලු කොටුව තුළ ඇති පාරවල් කොටු රූල් කොළයකට සමානය. ලන්දෙ‍්සීන් විසින් සාදන ලද පාරවල් අතරින් LEYN BANN STREET (ලෙ‍්න් බාන් වීදිය ) LIGHT HOUSE STREET (ප්‍රදීපාගාර විදිය) PEDLER STREET(පෙඩ්ලර් විදිය) ප්‍රධාන වෙ‍ි. මෙ‍හි සියලු ම වීදි දෙපස ගොඩනැගිලි ඉදිකර ඇත. එහෙත් දෙපස කානු දක්නට නෙ‍ාමැත. නිවෙස්වල අපද්‍රව්‍ය සමඟ පාරට එකතු වන වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පොළොව ඇතුළට ගිලී යයි. පාර මැදට වන්නට දිගටම පොළොව යටින් අපදුව්‍ය ගෙන යන කානු පද්ධතියකි. එය මුහුද දක්වා දිව යයි. මුහුදෙ‍් රළ වෙරළට වැදී ආපසු මුහුදට ඇදී යාමත් සමඟම කානුවල ඇති අපද්‍රව්‍ය ද ඒ සමඟ ඇදී යන ආකාරයට මෙම බැහැර කිරිම් සකස් කර තිබී ඇත. මෙය ආයාසයකින් තොරව ස්වාභාවිකව අපද්‍රව්‍ය බැහැර කිරිමට පරිසර ශක්තිය උපයෙ‍ා‍්ගි කරගත් අවස්ථාවකි.


දිවයිනෙ‍් ධනවත් ගෙවල්වල ආවේනික අංගයක් බවට පත් වූ මැද මිදුල් ක්‍රමය සහ සඳළුතල සකස් කිරිමේ ක්‍රමය ගාල්ල කොටුව ඇතුළත ඉදිවු ගෘහයන්ගෙන් ආරම්භ වි ව්‍යාප්ත වුවකි. ආරුක්කු සහිත දොරටු යෙදිම ලන්දෙ‍්සි ගෘහ නිර්මාණ ශිල්පයෙ‍් විශෙ‍්ෂ ලක්ෂණයක් වේ. ගාලු කොටුවට ආවේනික වූ ලක්ෂණ සහ ඵෙතිහාසික කරුණු රැකෙන පරිදි කටයුතු කිරිමට බොහෝ වැඩ පිළිවෙළවල් දියත් වේ. එය අගය කළ යුතුය. විශෙ‍්ෂයෙන් ම එකල ඕලන්දය වූ දැන් නෙදර්ලන්තයෙන් ලැබෙන අනුග්‍රහය හා අවධානය වටිනාකමෙක් ඇත්තකි. දැනට පිහිටුවා ඇති ගාලු උරුමය පදනම ද බොහෝ වැඩ පිළිවෙලවලට දායක වෙමින් සිටින අතර කොටුව ඇතුළත පිහිටි කාර්යාල සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ලෙස දුම‍රිය ස්ථානය අසල ඉදිවන විශාල මහල් ගොඩනැගිල්ල ඉදි වු පසු කොටුව ඇතුළත කලබලකාරී ගතිය මඳක් අඩුවනු ඇත.

1972 දී යුනෙස්කෙ‍ා‍් සංවිධානය ස්ථිර කරගත් පරිදි ජගත් උරුමයන් සුරැකීමේ සම්මුතිය ආරම්භ කරන ලදි. මෙහි ලෙ‍්ඛනගතකොට ඇති රටවල් අසූවක සංස්කෘතික උර‍ැමයන් සංඛ්‍යාව තුන්සිය අසූවකි. ගාල්ල පැරණි නගරය හා බලකෙ‍ාටුව ඉන් එකකි.
තොරතුරු සෙවීම : ප්‍රාදෙ‍්ශීය ලෙ‍්කම් එම්.කෙ‍් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා (පුද්ගලිකවයි.)
ආශ්‍රිත ලෙ‍්ඛන - ගාලු පුරවරය.
ඇම්.ඩි. ලාල් චන්ද්‍ර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව