මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Sunday, February 8, 2009

T20 ලෝක කුසලානය 2009 - එංගලන්තයේදී...


2009 වසර තවත් ලෝක කුසලාන තරගාවලියකට අරඅදින වසරක් බවට මේ වනවිටත් පත්වී හමාරයි. ඒ වෙනකිසිවක් නිසා නොව T20 ලෝක කුසලාන තරගාවලිය ජුනි මාසයේදී ක්‍රිකට් උපන් රටේදීම(එංගලන්තයේදී) ආරම්භවන බැවිනි. මේවනවිටත් ඒ සදහා සියල්ල සූදානම්ය. 2009 ජුනි මස 05 දින ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සදහා රටවල් 12ක් සහභාගි වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන රටවල් අදාල කාණ්ඩ අනුව මෙසේය..

Group A

Group B

Group C

Group D

India

Pakistan

Australia

New Zealand

Bangladesh

England

Sri Lanka

South Africa

Zimbabwe

Associate 1

West Indies

Associate 2


මෙහි assosiate1 හා assosiate2 ලෙස දක්වා ඇත්තේ තවමත් සුදුසුකම් නොලැබූ රටවල් ය. Bermuda, Canada, Ireland, Kenya, Netherlands සහ Scotland යන රටවල් මේවනවිටත් ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ අරමුනින් තරග වැදෙමින් සිටියි.

2009 ජුනි මස 24 දින දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා වූ තරග කාලසටහන මෙසේයි..

Firefox වල speed එක 40% කින් වැඩිකරගමු..


ඔබ භාවිතා කරන්නේ Firefox වෙබ් බ්‍රවුසරයද? එහි වේගය ගැන ඔබ තෘප්තිමත්ද? Firefox වල speed එක 40% කින් විතර වැඩිකරගන්න පුලුවන්නම්, අනේ කොච්චර හොදද?
හරිම ලේසියි, මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..

  • 1 පියවර :: Firefox open කරගන්න.
  • 2 පියවර :: එහි address bar එකේ පහත දැක්වෙන දෙය type කරන්න.
    about:config
    ඉන්පසු enter කරන්න.
  • 3 පියවර ::browser.tabs.showSingleWindowModePrefs යන line එක සොයාගන්න.
    (ඉගි:: 'b'අකුර type කරන්න. එවිට වඩාත් පහසුයි. )
  • 4 පියවර :: browser.tabs.showSingleWindowModePrefs මත doubleclik කරන්න. එවිට එම line එක true වේ.
    සටහන:: Firefox version 1.5 වල මෙම line එක දිස්වන්නේ singlewindow.openintabs යන නමිනි.
  • 5 පියවර :: මීලගට firefox සදහා යොදන ram ධාරිතාවය වැඩිකරගැනීම සදහා pipeline හි සිදුකරන වෙනස්කම් සලකා බලමු.
  • 6 පියවර :: කලින් document එකේම network.http.pipelining යන line එක මත doubleclik කර එම line එක true කරගන්න.
  • 7 පියවර ::අවසානයේ අපි maximum pipeline එක 100 දක්වා වැඩිකරගත යුතුය, ඒ සදහා network.http.pipelining.maxrequests යන line එකමත Double click කලවිට එන dialog box එකමත දැන් ඇති අගය වන 4 වෙනුවට 100 යොදන්න.

මෙය save කලයුතු වන්නේනෑ. firefox restart කිරීමෙන් ක්ෂණිකව ඔබගේ firefoxහි වේගය 40%කින් වැඩිවී ඇතිබව ඔබට පෙනීයනු ඇත.

ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය...



එක්දින තරග 5 කින් හා 20-20 තරගයකින් සමන්විත ඉන්දීය-ශ්‍රී ලංකා තරගාවලියේ තරග 4ක් දැනටමත් ඉවරයි. මම මේ ලිපිය ලියන විට 5වන තරගයේ භාගයක් ඉවරවෙලත් ඉවරයි.
කොහොමහරි මේ දක්වා පැවති තරග 4 ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ඉවරයි. ඒ අනුව තරගාවලියේ ජයත් දැනටම ඉන්දියානු කණ්ඩායම සතුවී හමාරයි. ඇත්තටම අපේ කණ්ඩායමට මොකක්ද උනේ??
කිසිම දෙයක් උනේ නෑ.. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පරාදඋනේ ඕනකමින් නිසා... මං දන්නව මේක ඇහුවහම ටිකක් විතර තරහයනව කියල, ඒඋනාට අපේ කොල්ලොන්ට ඒක එහෙම කරන්න උනා.. ඒ ඇයිද කියල දන්නවද?? දන්නැත්නම් දැනගන්න, මේකට කරැණු 4 ක් තියෙනවා..

  • ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය නිසා ඔවුන් තරහාකර ගැනීමට අකමැති නිසා..
  • අර්ජුන සිටිනතුරැ ලංකාවට කණ්ඩායමක් එවන්නේ නැතැයි ප්‍රකාෂකල ඉන්දීය බලධාරීන්ට ගරැකිරීම පිණිස..
  • ක්‍රීඩා ඇමති ලොකුගේට ක්‍රීඩා තරග නැරඹීම පුරැදුකරනු පිණිස..
  • කොටි සංවිධානය සතුටුකිරීම පිණිස..
සාධාරණ කරැණු ටික නේද? පකිස්ථාන සංචාරයත් දිනපු එකේ මේක පැරදුනාට ඉතින් දුක නෑ කියල, අර හේතු ටික බලපුවහම පේනව නේද???/