මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Tuesday, February 10, 2009

..ප්‍රබුද්ධ - මහගම සේකර..


"ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමගින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුලු ලොව
ඔබ අතහැර සිනාසෙයි.."



"සංක්‍රාන්ති කලියුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය
මිතුරාය - සැමියාය - බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා.."



"සිටියෝ විසිත්ත කාමරයෙහි
කලු කබා මහත ටයි
තරබාරැ ප්‍රභූවරැ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්

සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත් කොනින් ගර්වයන්
මැකෙන රෑ සිරියට මුක්කු ගසමින්

සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ලිගු වෙනස නැති
යන එන මගක් නොම දැන
අතර මං වූවන් මෙන.."


උපුටාගැනීම :: ප්‍රබුද්ධ - මහගම සේකර

0 අදහස්: