මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Sunday, February 8, 2009

ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය...



එක්දින තරග 5 කින් හා 20-20 තරගයකින් සමන්විත ඉන්දීය-ශ්‍රී ලංකා තරගාවලියේ තරග 4ක් දැනටමත් ඉවරයි. මම මේ ලිපිය ලියන විට 5වන තරගයේ භාගයක් ඉවරවෙලත් ඉවරයි.
කොහොමහරි මේ දක්වා පැවති තරග 4 ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ඉවරයි. ඒ අනුව තරගාවලියේ ජයත් දැනටම ඉන්දියානු කණ්ඩායම සතුවී හමාරයි. ඇත්තටම අපේ කණ්ඩායමට මොකක්ද උනේ??
කිසිම දෙයක් උනේ නෑ.. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පරාදඋනේ ඕනකමින් නිසා... මං දන්නව මේක ඇහුවහම ටිකක් විතර තරහයනව කියල, ඒඋනාට අපේ කොල්ලොන්ට ඒක එහෙම කරන්න උනා.. ඒ ඇයිද කියල දන්නවද?? දන්නැත්නම් දැනගන්න, මේකට කරැණු 4 ක් තියෙනවා..

  • ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය නිසා ඔවුන් තරහාකර ගැනීමට අකමැති නිසා..
  • අර්ජුන සිටිනතුරැ ලංකාවට කණ්ඩායමක් එවන්නේ නැතැයි ප්‍රකාෂකල ඉන්දීය බලධාරීන්ට ගරැකිරීම පිණිස..
  • ක්‍රීඩා ඇමති ලොකුගේට ක්‍රීඩා තරග නැරඹීම පුරැදුකරනු පිණිස..
  • කොටි සංවිධානය සතුටුකිරීම පිණිස..
සාධාරණ කරැණු ටික නේද? පකිස්ථාන සංචාරයත් දිනපු එකේ මේක පැරදුනාට ඉතින් දුක නෑ කියල, අර හේතු ටික බලපුවහම පේනව නේද???/

2 අදහස්:

Anonymous said...

එතකොට බංග්ලාදේශයේදියි, සිම්බාබ්වේවලදියි බැරි බැරි ගානේ දිනපුව. ඒ තරගවලදි දිනුවට ලංකාවට උපරිම දක්ෂතා පෙන්නන්න පුළුවන් කණ්ඩායම් දෙකකට එච්චර බාල්දු උන එක ගැන මොකද කියන්නේ. ලංකාවේ ප්‍රේක්ෂාගාරය ඉන්දීය ප්‍රේක්ෂයන්ගෙන් ඉගෙන ගත්ත පාඩම ප්‍රායෝගිකව අත්හදා බලපු තරඟාවලියත් මේක. ලංකාවේ ප්‍රේක්ෂාගාරය ගැන තිබ්බ හොඳ නමත් නැති කර ගත්තා

මුදිත මදුසංක said...

හ්ම්ම්ම්.... කථාවනම් ඇත්ත තමයි. ඒත් ඕනමනම් මෙහෙමත් කියන්න පුලුවන්, බංග්ලාදේශයේ සහ සිම්බාබ්වේ රටවල්වලට ටිකක් හොදතත්වයකට එන්න අපේ අය උදව් කලා කියල!!!!