මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Sunday, February 8, 2009

Firefox වල speed එක 40% කින් වැඩිකරගමු..


ඔබ භාවිතා කරන්නේ Firefox වෙබ් බ්‍රවුසරයද? එහි වේගය ගැන ඔබ තෘප්තිමත්ද? Firefox වල speed එක 40% කින් විතර වැඩිකරගන්න පුලුවන්නම්, අනේ කොච්චර හොදද?
හරිම ලේසියි, මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..

  • 1 පියවර :: Firefox open කරගන්න.
  • 2 පියවර :: එහි address bar එකේ පහත දැක්වෙන දෙය type කරන්න.
    about:config
    ඉන්පසු enter කරන්න.
  • 3 පියවර ::browser.tabs.showSingleWindowModePrefs යන line එක සොයාගන්න.
    (ඉගි:: 'b'අකුර type කරන්න. එවිට වඩාත් පහසුයි. )
  • 4 පියවර :: browser.tabs.showSingleWindowModePrefs මත doubleclik කරන්න. එවිට එම line එක true වේ.
    සටහන:: Firefox version 1.5 වල මෙම line එක දිස්වන්නේ singlewindow.openintabs යන නමිනි.
  • 5 පියවර :: මීලගට firefox සදහා යොදන ram ධාරිතාවය වැඩිකරගැනීම සදහා pipeline හි සිදුකරන වෙනස්කම් සලකා බලමු.
  • 6 පියවර :: කලින් document එකේම network.http.pipelining යන line එක මත doubleclik කර එම line එක true කරගන්න.
  • 7 පියවර ::අවසානයේ අපි maximum pipeline එක 100 දක්වා වැඩිකරගත යුතුය, ඒ සදහා network.http.pipelining.maxrequests යන line එකමත Double click කලවිට එන dialog box එකමත දැන් ඇති අගය වන 4 වෙනුවට 100 යොදන්න.

මෙය save කලයුතු වන්නේනෑ. firefox restart කිරීමෙන් ක්ෂණිකව ඔබගේ firefoxහි වේගය 40%කින් වැඩිවී ඇතිබව ඔබට පෙනීයනු ඇත.

4 අදහස්:

Pahan said...

මීට වඩා ගොඩක් ලේසියි tweak network addon එක දාගත්තනම්. ඔච්චර දුක් විඳින්න ඕන නෑ.

Anonymous said...

pipeline value depends on your network speed. Its only useful if you are connected to a LAN.

ශාකුන්තල | Shaakunthala said...

මේක broadband සම්බන්ධතා වල පමණයි වැඩ කරන්නේ. Dial up සම්බන්ධතා වලදී වැඩි වේගයක් ගන්න බෑ.

ම.ම.ගි said...

බොහොම ස්තූතියි තොරතුරට. මමත ඔෆිස් එකේ බ්‍රව්සරයට මේ වැඩේ කලා. හ්ම් ඇත්තමයි වේගයේ සැබෑ වෙනසක් පෙනෙනවා!