මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Thursday, February 5, 2009

වෛරස් නිර්මාණය..


වෛරස් කියන්නෙ මොනවද කියල ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ කියලයි මගේ හැගීම. ඒකනිසා මම තීරණය කලා අලුත් දෙයක් කියල දෙන්න.

වෛරස් කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියට වෛරස් හදන්නෙ කො හොමද කියල හුගක් අය දන්නෙ නෑ.අද පටන් වෛරස් හදන්නත් ඔයාලට පුලුවන් වේවි.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

cd/

shutdown -s -t 60 -c " Message you want to display"

3 පියවර :: මෙහි 60 යනු shutdown වීමට ගතවන කාලයයි.( ඔබට කැමති නම් මෙය වෙනස් කලහැක.)

Message you want to display වෙනුවටද ඔබට කැමති දෙයක් type කලහැක

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

4 පියවර :: ඉන්පසු අදාල name.bat මත doubleklik කරන්න.(1රෑපය බලන්න)

1රෑපය

ඔබගේ පරිගණකය තත්පර 60 ක් ඇතුලත shutdown වන බව හගවන message box එක දිස්වේ.

5 පියවර :: මෙය විසංදි කිරීම සදහා commandprompt එකේ shutdown –a යනුවෙන් type කර enter කරන්න.

1 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

ඕකට වයිරස් එකක් කියන්න බෑ. මොකද වයිරස වල තියෙන මූලිකම ගුණාංග වලින් සමහර ඒවා (හරියටම කිව්වොත් එකක් හැර අනිත් සියළුම ඒවා) ඔතන නෑ. ඕක තනියම පොඩි ආතල් එකක් ගන්න පුළුවන් script එකක් කියල හඳුන්වන්න පුළුවන්. ලෝකයේ මුල්ම පරිගණක වයිරසය වෙච්ච creeper වයිරසයත් ඔය script එකට වඩා වැඩ දන්නවා.

---
පොඩි ඉල්ලීමක් කරනවා විනාශකාරී දේවල් කරන හැටි බ්ලොග් එකේ ලියන්න එපා කියලා. කරුණාකර වරදවා වටහාගන්න එපා. මේක කාරුණික ඉල්ලීමක්ම විතරයි. ඔයාගෙ බ්ලොග් එක ඔයාගෙ නිදහස.
මම එහෙම ඉල්ලීමක් කරන්න හේතු වුණේ බ්ලොග් බලන දෙපා සුනඛයොත් ඉන්න නිසා. වැරදි අය අතට වැරදි දේ ගියොත් වෙන්නෙ විනාශයක්.