සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා.. කිසිදා හිරැ අග බැලුවේ
නෑ මා කිසිදා හිරැ අග බැලුවේ
පැතුමන් අදුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කදුලැල් දියදහරා නෙතගින් නොකැඩී ගලා ගියේ
මා....... තනිවී
සිසිරෙන් මුවාවූ වසන්තේ උදා වූ ලෙසේ...
චන්ද්‍රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරෑ ඒ කදුලැල් බිදු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ...
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹිලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ
හැගේ සිතේ නිසංසලේ
රගදෙයි ඔබ දෙසෙනා වග නම් යහනේ තනිවී....
චන්ද්‍රයන් පිදූ කිරණක්..........
ගායනය :: ඩැඩී..
සිංදුව බාගන්න :: http://www.ananmanan.com/emusic/get_lyric.php?lid=1208
0 අදහස්:
Post a Comment