මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Friday, February 6, 2009

Adware එකක් හදමු..

මගේ කලින් ලිපියෙන් මම පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. ඉතින් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ Adware එකක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කරන්නයි.ඊට කලින් Adware කියන්නෙ මොනවද කියල කියන්නම්.

  • ඇත්තටම Adware එකක් කියන්නෙ කූට වෙළද උපක්‍රමයක් කීවොත් මං නිවැරදියි. මක්නිසාදයත් Adware එකක් යොදාගන්නේ තමන්ගේ website එක ප්‍රසිද්ද කරගැනීමේ අරමුණෙන් බැවිනි. Adware එකකින් කරනුයේ අපව දැනුවත්ව හෝ නොදැනුවත්ව අදාල website එකට සම්බන්ද කිරීමයි..
දැන් අපි බලමු Adware එකක් හදන්නෙ කොහොමද කියලා.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

Adware නිර්මාණය ::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

:loop

start www.mywebsite.com

goto loop

www.mywebsite.com වෙනුවටද ඔබට කැමති website එකක් දමන්න.

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

3 පියවර :: දැන් අපේ Adware එක නිර්මාණය කර අවසානයි...


චන්ද්‍රයන් පිදූ ...........



සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා.. කිසිදා හිරැ අග බැලුවේ
නෑ මා කිසිදා හිරැ අග බැලුවේ
පැතුමන් අදුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කදුලැල් දියදහරා නෙතගින් නොකැඩී ගලා ගියේ
මා....... තනිවී
සිසිරෙන් මුවාවූ වසන්තේ උදා වූ ලෙසේ...

චන්ද්‍රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරෑ ඒ කදුලැල් බිදු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ...

වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹිලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ
හැගේ සිතේ නිසංසලේ
රගදෙයි ඔබ දෙසෙනා වග නම් යහනේ තනිවී....

චන්ද්‍රයන් පිදූ කිරණක්..........


ගායනය :: ඩැඩී..
සිංදුව බාගන්න :: http://www.ananmanan.com/emusic/get_lyric.php?lid=1208

සුසන්තිකා ක්‍රීඞා දිවියෙන් සමුගනී..


කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඊයේ(05 පෙබ 2009) සිය ක්‍රීඞා දිවියෙන් සමුගත්තා. ඇය උතුම් වූ මව් පදවිය ලැබීමට තීරණය කිරීමත් සමග සිය ක්‍රීඞා දිවියට සමුදුන් බව ඇය පවසා සිටියා.

1975 දෙසැම්බර් 17 දින ඇත්තාවල නම් ග්‍රාමයේ උපත ලද ඇය, 1994 සිට මේ දක්වා සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා.. 2000 වසරේ සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඇය විසින් ශ්‍රී ලංකාවට හිමිකර දුන් ලෝකඞ පදක්කම, වසර 52 කට පසු ශ්‍රී ලංකාවට හිමිවූ එකම ඔලිම්පික් පදක්කම විය...

1994 සිට විවිධ අයුරින් තම නාමය ඉතිහාස පොතට එකතු කල ඇය ජනාධිපතිතුමා හමුවී සමුගනිද්දී ඔහු ඇයට සමරැ තිළිණයක් සමග මුදලින් මිලියන 50ක ත්‍යාගයක්ද පිරිනැමුවා.

එදා මෙදා තුර සුසන්තිකා ජාත්‍යන්තර තරගබිමේ ලබාගත් ජයග්‍රහන මෙසේය::

  • ආසියානු තරගාවලිය - ජපානය හිරෝෂිමා නගරය - දෙවන ස්ථානය - 200m(1994)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ග්‍රීසියේ ඇතැන්ස් නුවර - දෙවන ස්ථානය - 200m(1997)
  • ඔලිම්පික් තරගාවලිය - ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර - දෙවන ස්ථානය - 200m(2000)
  • ගෘහස්ත ලෝක ශූරතා තරගාවලිය - පෘතුගාලය ලිස්බන් - සිව්වන ස්ථානය - 200m(2001)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - තෙවන ස්ථානය - 100m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 100m(2002)
  • පොදුරාජ්‍ය තරගාවලිය - බ්‍රිකාන්‍ය මැන්චෙස්ටර් නුවර - සිව්වන ස්ථානය - 100m(2002)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - සිව්වන ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - දෙවන ස්ථානය - 100m(2006)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - තෙවන ස්ථානය - 200m(2006)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 100m(2007)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 200m(2007)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ජපානය ඔසාකා නුවර - තෙවන ස්ථානය - 200m(2006)

Thursday, February 5, 2009

ස්වර්ණ ජයන්තිය 1959 - 2009


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය සැමරීමට මේ දිනවල සියල්ල සූදානම්..

1959 දී එවකට අග්‍රාමාත්‍යව සිටි SWRD බණ්ඞාරණායක මැතිදුන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වනවිට දිගු ඉතිහාසයකට උරැමකම් කියයි..

මෙම ඓතිහාසික අවස්ථාව සමරනුවස් සිදුකරන විෂේෂ උත්සවමාලාවේ වැදගත් අවස්ථා මෙසේයි::

  • 2-3 ජන, 2009 - පිරිත් දේශනය සහ දානමය පිංකම..
  • 6 සිට 12 ජන, 2009 - "වෙදැස" වෛද්‍ය ප්‍රදර්ශනය BMICH හිදී..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් උත්සවය..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් මුද්දරය නිකුත් කිරීම..
  • 19 සිට 21 පෙබ, 2009 - විදුජය තුන්කල් දැක්ම:: කලා,වාණිජ,විද්‍යා ප්‍රදර්ශනය විශ්වවිද්‍යාල පරිශයේදී...
  • 27 මාර්තු, 2009 - සංස්කෘතික උළෙල..
  • 10-12 දෙසැ, 2009 - ශ්‍රාස්ත්‍රීය සම්මන්ත්‍රණය, තේමාව:: බුදුදහම, විද්‍යාව සහ සංවර්ධනය..

සහෘද යාත්‍රා - 2009


ශ්‍රී ලංකාවේ ඈත දුර බැහැර ප්‍රදේශවල පොල්අතු සෙවිලි කල මඞුවල ඉතාමත් ආර්ථික දුෂ්කරතාමත ඉගෙනගන්නා අහිංසක ළමයි මේ රටේ ඉන්නවා. ඔවුන්ට නවීන තාක්ෂණයක් කියා දෙයක් පෙනෙන මානයකවත් නැති තරම්.. ඉටිපන්දම් එළියෙන් අකුරැ කරන ඔවුන්ගේ ධෛර්යය අහස තරම්..

එවන් වූ අහිංසක සිත් වලට රැකුලක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් සූදානම්..

"සහෘද යාත්‍රා - 2009" නිර්මානය වූයේ ඒ අනුවය.. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන තිස්සමහාරාම මැදවලාන මහා විද්‍යාලයේ සිසුන්ට අත්වැලක් වන්නයි අපේ මේ සූදානම..

කිසිම පහසුකමක් නොමැතිව අකුරැ කරනා මෙම කුඞා පාසලේ මේ වනවිට ළමුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබනවා..ප්‍රාථමිකයේ සිට උසස් පෙළ කලා දක්වා පන්ති තිබුනද ඔවුන්ට හරිහමන් පුස්ථකාලයක්වත් නැහැ..
එබැවින් අපේ මේ වෑයම ඔවුන්ට පුස්ථකාලයක් තනාදී ඔවුන්ගේ විෂයන්ට අදාල පොත්ද පරිත්‍යාග කරීමටයි..

අපගේ මේ වෑයම පිපෙන්නට වෙරදරන කැකුඑ වලට අත්වැලක් වීමයි.. ඔබත් මේ සදහා දායකවන්නේ නම්;

වැඞි විස්තර::
http://www.sahurdayathra.tk

විමසන්න::
071- 8 227 332- (රැවන්)
071-209 77 33 - (තරිදු)

වේලුපිල්ලේ ප්‍රභාකරන් Wikipedia වල...


ප්‍රභාකරන් ගැන Wikipedia එකේ සටහන් වෙලා තියෙන ආකාරය..

වේලුපිල්ලේ ප්‍රභාකරන්(Tamil:வேலுப்பிள்ளை பிரபாகரன் ; උපත 1954 නොවැම්බර් 26), ආදරයට කියන්නෙ "තම්බි"(தம்பி "Younger Brother") කියලා. "Liberation Tigers of Tamil Eelam"(දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය) මෙහෙයවන්නේ මොහුයි. මෙම සංවිධානය ඔවුන්ගේ ස්වාධීන ඊලමක් ශ්‍රී ලංකා ධරණියෙන් ඉල්ලා විවිධ වූ කැරලිකාර ක්‍රියාවල යෙදෙමින් සිටිනවා..

ජාත්‍යන්තර පොලීසියද මේ වනවිට මොහුව සොයමින් පවතිනවා. ඒ ත්‍රස්තවාදය, මිනීමැරීම්, සැලසුම්සහගතව කරනලද දරුණු අපරාද සහ ත්‍රස්තවාදී කුමනත්‍රණ හේතුවෙනි.

සම්පූර්ණ විස්තරයම කියවන්න..
http://en.wikipedia.org/wiki/Velupillai_Prabhakaran

වෛරස් නිර්මාණය..


වෛරස් කියන්නෙ මොනවද කියල ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ කියලයි මගේ හැගීම. ඒකනිසා මම තීරණය කලා අලුත් දෙයක් කියල දෙන්න.

වෛරස් කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියට වෛරස් හදන්නෙ කො හොමද කියල හුගක් අය දන්නෙ නෑ.අද පටන් වෛරස් හදන්නත් ඔයාලට පුලුවන් වේවි.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

cd/

shutdown -s -t 60 -c " Message you want to display"

3 පියවර :: මෙහි 60 යනු shutdown වීමට ගතවන කාලයයි.( ඔබට කැමති නම් මෙය වෙනස් කලහැක.)

Message you want to display වෙනුවටද ඔබට කැමති දෙයක් type කලහැක

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

4 පියවර :: ඉන්පසු අදාල name.bat මත doubleklik කරන්න.(1රෑපය බලන්න)

1රෑපය

ඔබගේ පරිගණකය තත්පර 60 ක් ඇතුලත shutdown වන බව හගවන message box එක දිස්වේ.

5 පියවර :: මෙය විසංදි කිරීම සදහා commandprompt එකේ shutdown –a යනුවෙන් type කර enter කරන්න.