මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Friday, February 6, 2009

සුසන්තිකා ක්‍රීඞා දිවියෙන් සමුගනී..


කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඊයේ(05 පෙබ 2009) සිය ක්‍රීඞා දිවියෙන් සමුගත්තා. ඇය උතුම් වූ මව් පදවිය ලැබීමට තීරණය කිරීමත් සමග සිය ක්‍රීඞා දිවියට සමුදුන් බව ඇය පවසා සිටියා.

1975 දෙසැම්බර් 17 දින ඇත්තාවල නම් ග්‍රාමයේ උපත ලද ඇය, 1994 සිට මේ දක්වා සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා.. 2000 වසරේ සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඇය විසින් ශ්‍රී ලංකාවට හිමිකර දුන් ලෝකඞ පදක්කම, වසර 52 කට පසු ශ්‍රී ලංකාවට හිමිවූ එකම ඔලිම්පික් පදක්කම විය...

1994 සිට විවිධ අයුරින් තම නාමය ඉතිහාස පොතට එකතු කල ඇය ජනාධිපතිතුමා හමුවී සමුගනිද්දී ඔහු ඇයට සමරැ තිළිණයක් සමග මුදලින් මිලියන 50ක ත්‍යාගයක්ද පිරිනැමුවා.

එදා මෙදා තුර සුසන්තිකා ජාත්‍යන්තර තරගබිමේ ලබාගත් ජයග්‍රහන මෙසේය::

  • ආසියානු තරගාවලිය - ජපානය හිරෝෂිමා නගරය - දෙවන ස්ථානය - 200m(1994)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ග්‍රීසියේ ඇතැන්ස් නුවර - දෙවන ස්ථානය - 200m(1997)
  • ඔලිම්පික් තරගාවලිය - ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර - දෙවන ස්ථානය - 200m(2000)
  • ගෘහස්ත ලෝක ශූරතා තරගාවලිය - පෘතුගාලය ලිස්බන් - සිව්වන ස්ථානය - 200m(2001)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - තෙවන ස්ථානය - 100m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 100m(2002)
  • පොදුරාජ්‍ය තරගාවලිය - බ්‍රිකාන්‍ය මැන්චෙස්ටර් නුවර - සිව්වන ස්ථානය - 100m(2002)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - සිව්වන ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - දෙවන ස්ථානය - 100m(2006)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - තෙවන ස්ථානය - 200m(2006)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 100m(2007)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 200m(2007)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ජපානය ඔසාකා නුවර - තෙවන ස්ථානය - 200m(2006)

0 අදහස්: