මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Monday, February 9, 2009

Cookies වදයක්ද???


ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන අයෙක්ද? එසේනම් ඔබටත් cookies කරදර නැතුවාම නොවේ. අන්තර්ජාල කුණුගොඩවල් වනමේවා ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින්ද, පරිගණකය තුලට ඒම නවත්වා ගතහැක. නමුත් සමහරවෙලාවල් වලදී මේවා ප්‍රයෝජනවත් වන අවස්ථාද තිබේ. සමහර CGI pages අදාල cookies නොමැතිව ක්‍රියාකල නොහැක. ඔබ web site එකකට password එකක් ඇතුලත් කිරීමේදී එම අදාල web site එක එය මතක තබාගැනීම සදහා cookiees භාවිතා කරයි. නමුත් එය කෙසේවෙතත් මෙසේ අන්තර්ජාලය මගින් පැමිනෙන කුණුගොඩවල් සියදහස් ගණන් ඉවත්කර ගැනීම සදහා දැන් ඔබට ක්ෂණිකව , කැමති වෙලාවක සිදුකල හැකි පුංචිපහේ program එකක් පිලිබදවයි, මේ කථාව...

  • පහත දැක්වෙන codes , notebook එකට paste කරගන්න..

  • cls
    REM *******************************************
    REM **Cookie Kill Program Will not work in NT**
    REM *******************************************

    deltree /y c:\windows\cookies\*.*
    deltree /y c:\windows\tempor~1\*.*
    pause
    cls
    REM Cookies deleted!
  • එය cookiekill.bat යන නමින් desktop එකතුල save කරන්න.
  • සෑදුන cookikill.bat මත doubleclik කරන්න. ඔබ පරිගණකයේ ඇති සියලුම cookies , delete වී යාවි....

අපිට mouse එකක් වැඩක් නෑ...


පරිගණකය දියුණුවීමත් සමග අපට බොහෝ දේ ඉතාඉක්මනින් කරගැනීමට හැකියාව උදාවුනා. එහෙව් වූ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සදහා එක්වූ අංගයක් වන "මවුසය"(mouse) අද අපට නැතුවම බැරි අංගයක් බවට පත්වී හමාරයි. මවුසයක් නැතුව කොහොමද, වැඩකරන්නේ ???? හිතාගන්නවත් බැරිතරම් ය. දැන්වත් හිතන්න පුරැදුවෙන්න. මවුසය නොමැතිව keyboard එක භාවිතයෙන් පමණක් වුවද අපට එදිනෙදා පරිගණකයේ වැඩකල හැකිය. කොහොමද එහෙම වැඩකරන්නේ??? බයවෙන්න එපා!! ඒකට තමයි shortcuts තියෙන්නේ..
keyboard එක පමණක් භාවිතයෙන් පරිගණකයක වැඩකරන ආකාරය පියවරෙන් පියවර ඉගෙනගන්න MakeUseof.com කියන වෙබ් අඩවියෙන් දැන් ඔබට පුලුවන්..


  • Windows shortcut keys බාගන්න ::
  • Firefox shortcut keys බාගන්න ::
  • Google Search Tips & Shortcuts keys බාගන්න ::
  • Internet Explorer Shortcuts keys බාගන්න ::
  • Gmail Shortcuts keys බාගන්න ::