
"ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමගින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුලු ලොව
ඔබ අතහැර සිනාසෙයි.."
"සංක්‍රාන්ති කලියුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය
මිතුරාය - සැමියාය - බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා.."
"සිටියෝ විසිත්ත කාමරයෙහි
කලු කබා මහත ටයි
තරබාරැ ප්‍රභූවරැ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්
සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත් කොනින් ගර්වයන්
මැකෙන රෑ සිරියට මුක්කු ගසමින්
සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ලිගු වෙනස නැති
යන එන මගක් නොම දැන
අතර මං වූවන් මෙන.."
උපුටාගැනීම :: ප්රබුද්ධ - මහගම සේකර

මීට කලින් මම ඉදිරිපත් කල ලිපියකින් ඔබට නොමිලයේ ලබාගතහැකි මෟදුකාංගයක් ගැන කථාකලා සමහරවිට ඔබට මතක ඇති. නමුත් මේ පිලිබදව මතුවූ විවිධ අර්බුද හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මා තීරණය කලා.
තුන්වන ලෝකයේ දිළිදු රටක් වන අපේ පුංචි රටේ පරිගණකයක් මිලදීගන්නට තියා පරිගණකයක් දැකලවත් නැති අය කොච්චර නම් ඉන්නවාද? එහෙව් රටක ජීවත්වන අපේ උදවිය එදිනෙදා ජීවිතය ගෙනයන්නෙත් බොහොම අමාරැවෙන් කියනඑක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.
පරිගණකයක් මිලදී ගත්තද, අදාල මෟදුකාංග සොයාගැනීමට (මිලදීගැනීමට) ක්‍රමයක් නොමැති කමින් , wrestling/hindi films/english films/ අසභ්‍ය චිත්‍රපට වල පිහිට සොයායන අය බුරැතුපිටින් ඉන්නවා. නව තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යාමට මොවුන්ටද ආසාවන් නැතැයි පැවසීම සැබවින්ම මුසාවකි. නමුත් මොවුන්ට නව තාක්ෂණයේ දියුණුව දින 30කට හෝ දින 21කට සීමාවීම සැබවින්ම ඛේදජනක සිද්දියකි. එවන් වූ සීමාමායිම් බිද මෙවන් වූ තාරැණ්‍යයට යන්තම් හෝ අත්වැලක් වීම අප සතු යුතුකමකි.
අන්තර්ජාලයේ විවිධ වූ softwear crack කිරීම් තිබුනද, ඒවායේ අන්තර්ගතය ගැන මාහට කිසිදු පැහැදීමක් නැත.තිබුනද, ඇතැම් ඒවා මුදලටය. ඇතැම් ඒවායේ අන්තර්ගතය අසභ්‍ය වෙළද දැන්වීම් වලින් පිරී ඉතිරී ගොස්ය. මේ හේතූන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ අපට බොහෝවිට පාවිච්චි කරන්න ලැබෙන්නේ නොමිලයේ ලබාදෙන trial version ය. නැතිනම් හොර copy ය.
වැඩි විස්තර සදහා :: cracker0007@gmail.com


ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන අයෙක්ද? එසේනම් ඔබටත් cookies කරදර නැතුවාම නොවේ. අන්තර්ජාල කුණුගොඩවල් වනමේවා ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින්ද, පරිගණකය තුලට ඒම නවත්වා ගතහැක. නමුත් සමහරවෙලාවල් වලදී මේවා ප්‍රයෝජනවත් වන අවස්ථාද තිබේ. සමහර CGI pages අදාල cookies නොමැතිව ක්‍රියාකල නොහැක. ඔබ web site එකකට password එකක් ඇතුලත් කිරීමේදී එම අදාල web site එක එය මතක තබාගැනීම සදහා cookiees භාවිතා කරයි. නමුත් එය කෙසේවෙතත් මෙසේ අන්තර්ජාලය මගින් පැමිනෙන කුණුගොඩවල් සියදහස් ගණන් ඉවත්කර ගැනීම සදහා දැන් ඔබට ක්ෂණිකව , කැමති වෙලාවක සිදුකල හැකි පුංචිපහේ program එකක් පිලිබදවයි, මේ කථාව...

2009 වසර තවත් ලෝක කුසලාන තරගාවලියකට අරඅදින වසරක් බවට මේ වනවිටත් පත්වී හමාරයි. ඒ වෙනකිසිවක් නිසා නොව T20 ලෝක කුසලාන තරගාවලිය ජුනි මාසයේදී ක්‍රිකට් උපන් රටේදීම(එංගලන්තයේදී) ආරම්භවන බැවිනි. මේවනවිටත් ඒ සදහා සියල්ල සූදානම්ය. 2009 ජුනි මස 05 දින ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සදහා රටවල් 12ක් සහභාගි වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන රටවල් අදාල කාණ්ඩ අනුව මෙසේය..
Group A | Group B | Group C | Group D |
| India | Pakistan | Australia | New Zealand |
| Bangladesh | England | Sri Lanka | South Africa |
| Zimbabwe | Associate 1 | West Indies | Associate 2 |
මෙහි assosiate1 හා assosiate2 ලෙස දක්වා ඇත්තේ තවමත් සුදුසුකම් නොලැබූ රටවල් ය. Bermuda, Canada, Ireland, Kenya, Netherlands සහ Scotland යන රටවල් මේවනවිටත් ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ අරමුනින් තරග වැදෙමින් සිටියි.
2009 ජුනි මස 24 දින දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා වූ තරග කාලසටහන මෙසේයි..

ඔබ භාවිතා කරන්නේ Firefox වෙබ් බ්‍රවුසරයද? එහි වේගය ගැන ඔබ තෘප්තිමත්ද? Firefox වල speed එක 40% කින් විතර වැඩිකරගන්න පුලුවන්නම්, අනේ කොච්චර හොදද?
හරිම ලේසියි, මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..
- 1 පියවර :: Firefox open කරගන්න.
- 2 පියවර :: එහි address bar එකේ පහත දැක්වෙන දෙය type කරන්න.
about:config
ඉන්පසු enter කරන්න. - 3 පියවර ::browser.tabs.showSingleWindowModePrefs යන line එක සොයාගන්න.
(ඉගි:: 'b'අකුර type කරන්න. එවිට වඩාත් පහසුයි. ) - 4 පියවර :: browser.tabs.showSingleWindowModePrefs මත doubleclik කරන්න. එවිට එම line එක true වේ.
සටහන:: Firefox version 1.5 වල මෙම line එක දිස්වන්නේ singlewindow.openintabs යන නමිනි.
- 5 පියවර :: මීලගට firefox සදහා යොදන ram ධාරිතාවය වැඩිකරගැනීම සදහා pipeline හි සිදුකරන වෙනස්කම් සලකා බලමු.
- 6 පියවර :: කලින් document එකේම network.http.pipelining යන line එක මත doubleclik කර එම line එක true කරගන්න.
- 7 පියවර ::අවසානයේ අපි maximum pipeline එක 100 දක්වා වැඩිකරගත යුතුය, ඒ සදහා network.http.pipelining.maxrequests යන line එකමත Double click කලවිට එන dialog box එකමත දැන් ඇති අගය වන 4 වෙනුවට 100 යොදන්න.
මෙය save කලයුතු වන්නේනෑ. firefox restart කිරීමෙන් ක්ෂණිකව ඔබගේ firefoxහි වේගය 40%කින් වැඩිවී ඇතිබව ඔබට පෙනීයනු ඇත.

එක්දින තරග 5 කින් හා 20-20 තරගයකින් සමන්විත ඉන්දීය-ශ්‍රී ලංකා තරගාවලියේ තරග 4ක් දැනටමත් ඉවරයි. මම මේ ලිපිය ලියන විට 5වන තරගයේ භාගයක් ඉවරවෙලත් ඉවරයි.
කොහොමහරි මේ දක්වා පැවති තරග 4 ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ඉවරයි. ඒ අනුව තරගාවලියේ ජයත් දැනටම ඉන්දියානු කණ්ඩායම සතුවී හමාරයි. ඇත්තටම අපේ කණ්ඩායමට මොකක්ද උනේ??
කිසිම දෙයක් උනේ නෑ.. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පරාදඋනේ ඕනකමින් නිසා... මං දන්නව මේක ඇහුවහම ටිකක් විතර තරහයනව කියල, ඒඋනාට අපේ කොල්ලොන්ට ඒක එහෙම කරන්න උනා.. ඒ ඇයිද කියල දන්නවද?? දන්නැත්නම් දැනගන්න, මේකට කරැණු 4 ක් තියෙනවා..
- ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය නිසා ඔවුන් තරහාකර ගැනීමට අකමැති නිසා..
- අර්ජුන සිටිනතුරැ ලංකාවට කණ්ඩායමක් එවන්නේ නැතැයි ප්රකාෂකල ඉන්දීය බලධාරීන්ට ගරැකිරීම පිණිස..
- ක්‍රීඩා ඇමති ලොකුගේට ක්‍රීඩා තරග නැරඹීම පුරැදුකරනු පිණිස..
- කොටි සංවිධානය සතුටුකිරීම පිණිස..
සාධාරණ කරැණු ටික නේද? පකිස්ථාන සංචාරයත් දිනපු එකේ මේක පැරදුනාට ඉතින් දුක නෑ කියල, අර හේතු ටික බලපුවහම පේනව නේද???/